රුපියල් හාර කෝටි හැට හතර ලක්ෂ විසි දහසක් (රු. 46,420,000) වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (06) උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ මොහු කොළඹ – 13 ප්‍රදේශයේ පදිංචි නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන 28 හැවිරිදි අයෙකු බවයි.
ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන අබුඩාබි නුවර වෙත පැමිණ එතැන් සිට ඉටිහාඩ් ගුවන් සේවයේ EY 392 දරන ගුවන් යානයෙන් ඊයේ උදෑසන 08.20ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි “කුෂ්” මත්ද්‍රව්‍ය 4.642Kg ප්‍රමාණයක් පැකැට් 04ක් ලෙස සකස් කර සගවා ගෙන ආ බවට අනාවරණය වේ.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා සැකකාර ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රදවා තබා ගෙන ප්‍රශ්ණ කිරීමට නියමිතය.
2
Saru News










