රෂිකා හෙන්නායක මැයි 19, කොළඹ LNW :
රුපියල් මිලියන 79ක වටිනාකමින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තායිලන්ත ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
වයස අවුරුදු 21ක් වූ සැකකරු, බැංකොක් සිට ක්වාලාලම්පූර් හරහා පැමිණි මැලේසියානු ගුවන් සමාගමේ MH0179 ගුවන් යානයෙන් පැමිණි අතර, ඔහුගේ ගමන් මලු තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 7.91 ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.
රේගු නිලධාරීන් සඳහන් කර සිටියේ ,එහි වටිනාකම රුපියල් මිලියන 79 ක් පමණ වන බවයි. රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් මේහි විමර්ශන මේ වනවිට පවත්වනු ලබන අතර සැකකරු සහ සොයාගත් මත්ද්‍රව්‍ය තොග පොලිස් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයට භාරදීමට නියමිත බව වාර්තා වේ.
Saru FM Media