අමෙරිකානු හමුදාවට අයත් ජෙට් යානා තුනක් කුවේට් රාජ්‍යයේ දී කඩා වැටී තිබුණේ සිදුවු අත්වැරදීමකින් බව අමෙරිකාව පවසයි.
ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් සිදුකරනු ලබන Epic Fury නම් මෙහෙයුමට අදාළව කුවේට් රාජ්‍යයට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ F-15 වර්ගයේ ජෙට් යානා තුනක් බිමට කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ පෙළක් ද විදෙස් මාධ්‍ය පළකර තිබුණි.
කෙසේවෙතත් එම ජෙට් යානාවල සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් සයදෙනාම ආරක්ෂිතව ඉන් පිටතට පැමිණ දිවි බේරාගෙන ඇති බවද අමෙරිකාව නිවේදනය කරයි.
Saru News















