කුවේට්හි රඳවා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් පිරිසක් කටුනායකට

0
9


කුවේට් රාජ්‍යයෙහි මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනෙකු මෙරටට භාරදීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

ඔවුන් මෙරටට රැගෙවිත් ඇත්තේ කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේයි.

එම සිරකරුවන් කුවේට් රාජ්‍යය තුළ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, ප්‍රවාහනය කිරිම, ජාවාරම් කිරීම සහ තවත් විවිධ චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු කර දඩුවම් ලබා බන්ධනාගාරගතව සිටි පිරිසක් වනවා.

එලෙස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ සිරකරුවන් වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන යාමට නියමිතයි.

කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ මේ වන විට අවස්ථා දෙකක දී ශ්‍රී ලාංකික සිරකරුවන් 52 දෙනෙකු මෙරටට රැගෙනවිත් භාර දී තිබෙනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here