කුලී ඝාතකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට

0
13


මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක සිව් දෙනෙකු කළුතර අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සිව් දෙනා අතර හිටපු හමුදා සෙබළකුද සිටින බව වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, පානදුර, පයාගල, බණ්ඩාරගම සහ ඌරගහ ප්‍රදේශයේ පදිංචි 30, 32, 36 සහ 51 වියැති පුද්ගලයින් බව පොලිසිය කීය.
අත්අඩංගුවට පත්වූවන් අතර පසුගිය වසරේ පානදුර ප්‍රධාන ඇගළුම් කර්මාන්ත ශාලාවක් තුලදී එලව එලවා මන්නා පහර එල්ලකර පුද්ගලයකු කපා කොටා ඝාතනය කළ ප්‍රධාන සැකකරුවන්ද සිටින බව පොලිසිය පවසයි.
පසුගිය අප්‍රේල් මස 17 දින රාත්‍රී බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපරිකයකුට මන්නාවලින් පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්දයෙන් කළ විමර්ශණවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කඩුවක් මන්නා දෙකක්, අපරාධ සදහා යොදාගත් බව කියන ජංගම දුරකථන තුනක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් ප්‍රදේශයේ කප්පම් ගැනීම් සහ බියවැද්දීම් සිදුකිරීම සම්බන්දයෙන් ජනතාව භීතියට පත්ව සිටින බවටද පොලිසිය පවසයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here