කුරුළු කූඩුවක සඟවා තිබූ ගිනි අවියක් අත්අඩංගුවට – Saru News | සිංහල

0
5

කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ නිවසක කුරුළු කූඩුවක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ විදේශීය රටක නිශ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමග එම නිවසේ හිමිකරු කඩුවෙල පොලිසිය විසින් අඩංගුවට ගෙන තිබේ.

කඩුවෙල පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම ගිනි අවිය පිලිබදව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

අදාල ගිනි අවිය යම් අපරාධයක් සදහා යොදා ගත් ගිනි අවියක්ද කුලි පදනම මත ඝාතන හෝ සොරකම් සදහා ලබා දුන් ගිනි අවියක්ද වෙනත් ඝාතනයක් සදහා සඟවාගෙන සිටියාද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා කඩුවෙල පොලිසිය විසින් වැඩි දුරටත් පරීක්ෂණ පැවැත් වේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here