තරුණියන් අතර තියන පොදු ගැටලුවක් තමයි කුරුලෑ කැළැල් තිබීම.අද අපි ඔබට කියන්නේ යන්නේ කොහොමද මේ කුරුලෑ කැළැල් නැති කරගන්නේ කියලා
කුරුලෑවක් මුහුණේ හට ගත්තම ඒක දිනකින් දෙකකින් අඩු වෙලා ගියත් ඒවයේ කැළැල් මැකෙන්න නම් ටික කාලයක් යනවා.මේක ඔබේ මනසට ගොඩක් පීඩාකාරී දෙයක්.කලු පැහැ ගැන්වුනු කැළැල් මුහුණේ තියනවට කිසිම තරුණියක් කැමති නෑ.ඉතින් මේ ගැටලුවට නිවසේදීම කරන්න පුලුවන් ප්‍රතිකාර හතරක් ගැන ඔබට කියන්න අපි හිතුවා
බිත්තර වල ඇති ප්‍රෝටීන් සම සුව කරන අතර කුරුලෑ සලකුණු අඩු කරනවා.ඒ වගේම ආමන්ඩ් මගින් සමට තෙතමනයක් ලබා දෙමින් සම පෝශණය කරන අතරම කැළැල් වලට ප්‍රතිකාර කරනවා.බිත්තර සහ ආමන්ඩ් සංයෝජනය මගින් සම පැහැපත් කරන අතර සමෙහි ඇති සිදුරු තද කිරීමක් සිදු කරනවා.
කොහොමද ෆේස් පැක් එක දාන්නේ ?
මෙම යුෂ වල අඩංගු එන්සයිම මගින් සමේ මැරුණු සෛල ඉවත් කරනවා.එමෙන්ම කුරුලෑ කැළැල් ඉවත් කරන අතර ඒවාට ප්‍රතිකාරයක් ලෙස ක්‍රියා කරනවාඒ විතරක් නෙමෙයි සමේ පැහැය වැඩි දියුණු කරනවා
කොහොමද ෆේස් පැක් එක දාන්නේ ?
හොඳ ප්‍රතිඵල සඳහා දිනපතා මෙම සත්කාරය සිදු කරන්න
දොඩම් පොතු කියන්නේ විටමින් සී වලින් පොහොසත් ප්‍රභවයක්. එමගින් කුරුලෑ කැළැල් නැතිකර කර සමේ පැහැය වැඩි කරනවා.ඒ වගේම යෝගට් වලින් සමට තෙතමනය ලබාදෙන අතර කැළැල් අවම කරනවා
කොහොමද ෆේස් පැක් එක දාන්නේ ?
හොඳ ප්‍රතිඵල සඳහා මෙම සත්කාරය සතියකට දෙවරක් පමණ කරන්න
කුරුඳු සහ සාදික්කා ඔක්සිජන් සංසරණය වැඩි දියුණු කරනවා.ඒ වගේම කුරුලෑ කැළැල් අඩු කර සම පැහැපත් කරනවා.මී පැණි මගින් සමට ප්‍රතිබැක්ටීරීයා ගුණ ලබා දෙන අතරම සමට අවශ්‍ය තෙතමනය ලබා දෙමින් සම පෝශණය කරනවා
කොහොමද ෆේස් පැක් එක දාන්නේ ?
හොඳ ප්‍රතිඵල සඳහා අවම වශයෙන් සතියකට දෙවරක් වත් මෙම සත්කාරය කරන්න
ඉතින් ඉහත කරුණු ගැනත් අවදානයක් යොමු කරමින් මේ සත්කාර නිසි පරිදි කලොත් සමේ කුරුලෑ ලප ඉක්මනින් ඉවත් කර ගන්න ඔබට පුලුවන් . නිකැළැල් සමක බලාපොරොත්තු වෙන ඔබට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතනවා
Saru FM Media