කුරුලෑ කියන්නේ සැබෑවටම හිසරදයක් බව අප හැම කෙනෙක්ම දන්නා කාරණාවක්. කුරුලෑ ඇති වීමට හේතු, කුරුලෑවලට කරන ස්වභාවික ප්‍රතිකාර ගැන අපි නිතරම ඔබ දැනුවත් කර තිබෙනවා. නමුත් දැන් තාක්ෂණය තියෙන්නේ ඉහළ තැනක. ඒ නිසා කුරුලෑවලටත් නවීන තාක්ෂණයෙන් ප්‍රතිකාර ලබා දෙන්න රූපලාවණ්‍ය විශේෂඥයන්ට හැකියාව ලැබී තිබෙනවා.
මොනවද මේ ප්‍රතිකාර
තාප ශක්තිය මඟින් කුරුලෑ ඇති කරන බැක්ටීරියා විනාශ කර දැමීම මේ ක්‍රමයෙන් සිදු වෙනවා. මෙය නිදන්ගත කුරුලෑ වලට ඒ තරම් නොගැලපෙන අතර වරින් වර ඇති වෙන කුරුලෑ සඳහා භාවිතා කරනවා.
Blue light therapy යනු කුරුලෑ බිද වැටීම් සඳහා බහුලව භාවිතා වන ආලෝක ප්‍රතිකාර ක්‍රමයක්.මේ නිල් ආලෝකයේ තරංග ආයාමය ප්‍රති-ක්ෂුද්‍ර ජීවී බලපෑමක් ඇති කරනවා.එය ඔබේ මුහුණේ සිදුරු සහ තෙල් ග්‍රන්ථිවල එකතු වී බිඳීම් ඇති කළ හැකි බැක්ටීරියා වර්ග කිහිපයක් විනාශ කිරීමට උදව් වෙනවා. මෙය ඇක්නි තත්ත්වයටත් හොඳ ප්‍රතිකාරයක්.
සුව කිරීමට උපකාරී වන අතර කුරුලෑ කැළැල් වල ප්‍රමාණය අඩු කිරීමට ක්‍රියා කරනවා.රතු ආලෝක චිකිත්සාව පටක අලුත්වැඩියා කිරීමට උපකාර කිරීම සඳහා ඔබේ සමේ මතුපිට ක්‍රියා කරනවා. ඔබේ කුරුලෑ නිදන්ගත සමේ රෝගයක් නිසා ඇතිවන්නේ නම් වඩාත් සුදුසු මේ ප්‍රතිකාරයයි
මෙහිදී ආලෝක කිරණ විශේෂයක් මගින් සමේ ඉලක්ක ගත පටකයක වෙනස්කම් සිදු කරනු ලබනවා. ලේසර් කිරණ වලට ලක් වීම නිසා එම ඉලක්ක පටකවල රත්වීමක් මගින් එම පටක විනාශ
වී කුරුලෑ නැති වී යනවා.
මීට අමතරව රසායනික අඩංගු ආලේපන වර්ග ද වෛද්‍යවරුන් සහ skin clinic මඟින් ඔබට ලබා දෙනවා. ඉහත ප්‍රතිකාරවලින් තරම් නැතත් මේ ප්‍රතිකාර වලින් ද ඉක්මන් සහ හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුලුවන්.
මේ නවීන ප්‍රතිකාර ප්‍රමිතියක් ඇති තැනකින් කරන්නට මඳක්වත් බිය වන්නට එපා. ඒ වගේම ඔබේ මුහුණේ කුරුලෑ ඇත්නම් බ්ලීචින් අඩංගු ආලේපන මුහුණට ළං නොකර ඉන්නත් සෑම විටම හොඳ සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්නත් මතක තබා ගන්න.
තොරතුරු සැපයීම
Saru FM Media