ඔබේ මුළුතැන්ගෙයින් පහසුවෙන්ම සොයා ගන්න පුළුවන් අමුද්‍රව්‍යක් තමයි කුරුඳු කියන්නේ. ආහාර පිසීම සඳහා බහුලව යොදාගන්න මේ කුරුඳු වලින් ඔබේ සෞඛ්‍යයට ලබාගන්න පුළුවන් වාසි බොහොමයක් තියෙන බව ඔබ දැනගෙන හිටියද ?
Angiogenesis යනු පිළිකා පෝෂණය කිරීම සඳහා නව රුධිර වාහිනී සෑදීමයි. පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේ එක් ප්‍රධාන කරුණක් වන්නේ ඇන්ජියෝජෙනසිස් නැවැත්වීමයි. අධ්‍යයනයකින් පෙන්නුම් කළේ කුරුඳු වලට ඇන්ජියෝජෙනසිස්, සෛල වර්ධනය සහ සෛලීය සංඥා ප්‍රමාද කිරීමට හෝ නතර කිරීමට හැකි බවයි. මෙයින් පැහැදිලි වන්නේ කුරුඳු යනු පිළිකා වැළැක්වීමේ හෝ ප්‍රතිකාර කිරීමේ අමුද්‍රව්‍යයක් විය හැකි බවයි.
කුරුඳු වලට ඔබේ ට්‍රයිග්ලිසරයිඩ සහ ඔබේ සම්පූර්ණ කොලෙස්ටරෝල් මට්ටම අඩු කළ හැකි අතර එය හෘද රෝග වළක්වා ගැනීමට උපකාරී වෙනවා. දිනපතා ඔබේ ආහාර වලට කුරුඳු කුඩා ප්‍රමාණයක් එකතු කර ගැනීම මගින් මෙම සෞඛ්‍ය ප්‍රතිලාභය ලබා ගැනීමට ඔබට හැකියාව තියෙනවා
දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන් ඇතුළු රුධිරයේ සීනි මට්ටම ඉහළ යන අයට කුරුඳු යනු ඉතාම ප්‍රයෝජනවත් කුලු බඩුවක්. අධ්‍යයනවලින් පෙන්වා දී ඇති ආකාරයට කුරුඳු රුධිර ප්‍රවාහයට ග්ලූකෝස් මුදා හැරීම මන්දගාමී කිරීම, ග්ලූකෝස් අවශෝෂණය වැඩි කිරීම සහ රුධිරයේ සීනි සෛල තුළට ගෙන යාමට උපකාරී වන හෝමෝනයක් වන ඉන්සියුලින් සඳහා ශරීරයේ සංවේදීතාව වැඩි කිරීම මගින් රුධිරයේ සීනි අඩු කිරීමට උපකාරී වන බවයි.
කුරුඳු වල ප්‍රධාන ක්‍රියාකාරී සංඝටකය වන Cinnamaldehyde විවිධ ආසාදන වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ. සිනමල්ඩිහයිඩ් යනු පොත්තේ ඇති අත්‍යවශ්‍ය තෙල් වර්ගයක් වන අතර එය ප්‍රතිබැක්ටීරියා, ප්‍රතිවෛරස් සහ ප්‍රති-දිලීර ගුණ පෙන්වනවා. එය සැල්මොනෙල්ලා වැනි ඇතැම් බැක්ටීරියා වලක්වන අතර දිලීර නිසා ඇතිවන ශ්වසන ආසාදන ද පාලනය කරයි .
කුරුඳු තෙල් මගින් මුඛයේ සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි අතර එය මුඛයෙන් දුර්ගන්ධය හැමීම, කුහර ඇතිවීම සහ මුඛ ආසාදන ඇති කරන ඇතැම් බැක්ටීරියා වලින් ආරක්ෂා කිරීමට උපකාරී වනවා.කුරුඳු තෙල් දත් දිරා යාම , දත් කැක්කුම් වැනි තත්ව වලදි ඖෂධයක් ලෙසද භාවිතා කල හැකියි.
කුරුඳු, අධික තෙල් සහිත ආහාර ගැනීමෙන් ඇති වන අහිතකර බලපෑම් කිහිපයක් අඩු කරන බව බොහෝ පරික්ශණ මගින් පෙන්වා දී ඇත.ඒ වගේම උදෑසනදි හිස් බඩ මද උණුසුම් වතුරට කුරුඳු සහ මී පැනි එකතු කර පානය කිරීමෙන් ශරීරයේ අනවශ්‍ය මේදය නැති කර ගැනීමට හැකියාව ලැබෙනවා.
කුරුඳු , ඔබේ ආහාර වඩා හොඳින් ජීර්ණය කිරීමට උපකාරී වේ. ගම්මිරිස් සහ ඉඟුරු වැනි අනෙකුත් කුළුබඩු අතර කුරුඳු, ප්‍රිබියොටික් වල ඇති බැක්ටීරියා වර්ධනය වැඩි දියුණු කරයි.එය ඔබේ ආහාර දිරවීමට උපකාරී වේ. මෙම ප්‍රිබියොටික් වල ඇති බැක්ටීරියා බඩවැලේ සෞඛ්‍යය යථා තත්වයට පත් කිරීමට උපකාරී වන අතර එමඟින් පවතින හෝ උග්‍ර ආහාර ජීර්ණ ගැටළු සමනය කළ හැකියි.
ඇතැම් පර්යේෂණයන්ට අනුව, කුරුඳු වලට ගර්භාෂයේ රුධිර සංසරණය වැඩි කළ හැකි අතර පටක පුනර්ජනනය උත්තේජනය කරනවා. මෙය ඔසප් වීමේදී රුධිර සැපයුම අඩුවීම වැළැක්වීම මගින් සාරවත් බව සහ ඩිම්බ වල සෞඛ්‍යය ආරක්ෂා කිරීමට උපකාරී වනවා.ඒ වගේම කුරුඳු, ගර්භණී සමයේදී ගර්භාෂය වෙත රුධිර ප්‍රවාහය වැඩි දියුණු කළ හැකි අතර එමඟින් ප්‍රශස්ත කලල සෞඛ්‍යය සඳහා පෙකණි වැල හරහා රුධිර ප්‍රවාහය පවත්වා ගැනීමට උපකාරී වේ.
මෙවැනි සෞඛ්‍ය ප්‍රතිලාභ ඔබට කුරුඳු වලින් ලැබෙන නිසා ඔබේ එදිනෙදා ආහාර වලට කුරුඳු එකතු කර ගන්න ඔබට පුළුවන්.
Saru FM Media