කුරුඳු වලින් අපිට ලැබෙන මිල කළ නොහැකි ප්‍රතිලාභ

0
13


ප්‍රතිඔක්සිකාරක සහ අනෙකුත් වටිනා සංයෝග රාශියකින් සමන්විත කුරුඳු වලට රුධිරගත සීනි මට්ටම පාලනය කරන්න, හෘද රෝග ඇතිවීම වළක්වන්න සහ ප්‍රදාහ තත්වයන් සමනය කරන්න යහපත් බලපෑම් ඇති කරන්න පුළුවන් කියල අද වෙද්දී යම් යම් පරීක්ෂණ මඟින් තහවුරු කරගන්න හැකියාව ලැබිල තියෙනවා.

කුළුබඩුවක් ලෙස ආහාර වලට ස්වභාවික රසකාරකයක් ලෙස කුරුඳු යෙදීම සියවස් ගණනාවක ඉදන්ම සිදුවුනා වගේම පෙරදිග රටවල් බොහොමයක ඖෂධයක් ලෙසත් කුරුඳු භාවිතා වීම සිදුවුන බවට සාක්ෂි ඕනෑතරම් සොයාගන්න පුළුවන්. 

අද වෙද්දී නූතන විද්‍යාත්මක පරීක්ෂණ වලින් මේ ප්‍රතිලාභ තහවුරු කරමින් පවතින අතර ඒ වගේ තහවුරු කරගෙන ඇති ප්‍රතිලාභ 10 ක් ගැන කතා කරන්නයි smart lady අපි අද මේ ලිපියෙන් කතා කරන්න සූදානම් වෙන්නෙ.

ඖෂධීය ගුණ රාශියකින් සමන්විතය 

Cinnamomum කියන ශාකයේ ඇතුලත පොත්ත භාවිතයෙන් සාදාගන්නා කුළුබඩුවක් තමයි කුරුඳු කියන්නෙ.

ඉතාම කලාතුරකිනි සහ දුර්ලභව සොයා ගන්න පුළුවන් අති විශාල වටිනාකමක් සහිත කුරුඳු පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාර සමයේ ඉදලම රජුන්ට තෑගි ලෙස පිරිනමා ඇති බවත් සාක්ෂි සොයාගෙන තිබෙනවා.

නමුත්, අද වෙද්දී ඉතාම සුලභව ලෝකයේ ඕනෑම රටක වෙළඳසැල් වල කුරුඳු දැකගන්න පුළුවන් වගේම කුරුඳු එකතු කරල පිළියෙල කරන ආහාර රාශියක් සෑම රටකම වගේ දැකගන්න ලැබෙනවා.

කුරුඳු වර්ග 02 ක් අද වෙද්දී අපිට වෙළඳපොලේ දැකගන්න පුළුවන්.

Ceylon cinnamon 

ලංකාවේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් එක් කාරණාවක් තමයි ceylon cinnamon කියන්නෙ ඒ මොකද ceylon cinnamon දකින්න ලැබෙන්න ලංකාවේ නිසයි.

සැබෑ කුරුඳු එහෙමත් නැත්නම් true cinnamon කියල හඳුන්වන්නෙත් ceylon cinnamon කියන විශේෂයයි.

Cassia cinnamon 

සුලභවම දකින්න ලැබෙන කුරුඳු වර්ගය cassia cinnamon කියල හඳුන්වනවා.

සාමාන්‍යයෙන් කුරුඳු කියල වැඩිදෙනෙක් හඳුන්වන්නෙත් මේ cassia cinnamon කියන කුරුඳු විශේෂයයි.

කුරුඳු ශාකයේ කඳ කොටසේ පිටත පොත්ත සූරා ඉවත්කර ඇතුලත පොත්තෙන් කුරුඳු ලබා ගන්නවා.

ඉන්පසු ඉවත් කරගත් ඇතුළත පොත්ත වේලා පොතු කීපයක් එකමත එක තබාගෙන රෝලක් ආකාරයට සකසා කුරුඳු පොතු වගේම වේලාගත් කුරුඳු පොතු කුඩුකර කුරුඳු කුඩු ලබා ගැනීමත් සිදු කරනවා.

සිනමැල්ඩිහයිඩ් කියන සංයෝගයෙන් සංතෘප්ත තෙල් අඩංගු වීම කුරුඳු වලට ඊට ආවේණික රසයක් සහ සුවඳක් ලැබී ඇතැයි සැළකෙනවා.

ඒ වගේම සිනමැල්ඩිහයිඩ් කියන මේ සංයෝගය නිසා කුරුඳු වලට පරිවෘත්තීය ක්‍රියා යහපත්ව පවත්වා ගෙන යාමට සහ තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ලබාදීමේ හැකියාව තිබෙන බව වෛද්‍යවරු පවසනවා.

ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් සමන්විත වේ

රැඩිකල් සංයෝග වලින් රුධිර සෛල වලට සිදුවන හානි වලින් රුධිර සෛල ආරක්ෂා කිරීමේ හැකියාව ප්‍රතිඔක්සිකාරක වලට තිබෙනවා.

ප්‍රොපිනෝල් ඇතුළු ප්‍රතිඔක්සිකාරක රාශියකින් කුරුඳු සංතෘප්තව පවතින අතර රුධිරයේ ප්‍රතිඔක්සිකාරක මට්ටම ඉහළ නැංවිමට කුරුඳු වලට හැකියාව ඇති බවපරීක්ෂණ මඟින් තහවුරු කරගෙන තිබෙනවා.

කුරුඳු වල අඩංගු මේ ප්‍රතිඔක්සිකාරක කොතරම් ප්‍රභලද කියනවා නම් කුරුඳු ස්වභාවික ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍යක් ලෙසද යොදා ගැනීමේ හැකියාව තිබෙනවා.

ප්‍රදාහ තත්වයන් සමනය කරයි

Inflammation ඒ කියන්නෙ ප්‍රදාහ තත්වයන් ආසාදන සහ තුවාල සුව කරන්න අපේ ශරීරය විසින් ඇති කරන ස්වභාවික ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියක්.

නමුත් මේ ප්‍රදාහ තත්වයන් දීර්ඝකාලීනව පැවතීම නිසා ඒවා නිදන්ගත වගේම ශරීරයේ පටක වලට හානි කිරීමේ ඉඩකඩක්ද පවතිනවා.

කුරුඳු වල තිබෙන ප්‍රතිඔක්සිකාරක නිසා මේ දීර්ඝකාලීන ප්‍රදාහ තත්වයන් සමනය කරන බව පර්‍යේෂණ මඟින් සනාථ කරගෙන තිබෙනවා.

හදවත් රෝග වලින් ආරක්ෂාව ලබා දෙයි

ලෝකය පුරා සිදුවන මරණ වලින් කැපීපෙනෙන ප්‍රතිශතයකට හේතුවෙන හදවත් රෝග වලට එරෙහිව සටන් කරන්න කුරුඳු වලට හැකියාව තිබෙන බව සොයාගෙන තිබෙනවා.

රුධිරයේ LDL එහෙමත් නැත්තන් නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීම, රුධිර පීඩනය අඩු කිරීම, පරිවෘත්තීය ගැටළු ඇති පුද්ගලයන්ගේ රුධිරයේ පවතින සීනි ප්‍රමාණය අඩු කිරීම මඟින් මෙම ක්‍රියාවලිය සිදුවන බව පර්‍යේෂකයන් සොයාගෙන තිබෙනවා.

ඉන්සියුලින් ප්‍රතිරෝධයට එරෙහිව ක්‍රියා කරයි



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here