කුරුඳු තේ සහ ප්‍රතිලාභ

0
14


කුරුඳු කියන්නෙ ලංකාවෙ අපිට ඉතාම කිට්ටු කුළුබඩු වර්ග වලින් ප්‍රධානම තැනක් ගන්න කුළුබඩුවක්නෙ. 

සාමාන්‍යයෙන් අපි ව්‍යාංජන වලට රස සහ සුවඳකාරකයක් විදිහට පාවිච්චි කරන කුරුඳු තේ විදිහට පිළියෙල කරල පානය කරන්න පුළුවන් කියල ඔබ දැනන් හිටියද? 

අන්න එහෙම නිවසේදීම කුරුඳු තේ හදාගන්න විදිහ සහ කුරුඳු තේ වලින් ලැබෙන ඔබ නොසිතන සෞඛ්‍ය ප්‍රතිලාභ අතරින් කීපයක් ගැන තමයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නෙ. 

මුලින්ම බලමු මොනවද කුරුඳු තේ පානයෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ කියල, 

බෝ නොවන රෝග වලින් ආරක්ෂාව

කුරුඳු වල ප්‍රති ඔක්සිකාරක ගුණය ඉතාම ඉහළයි කියල පර්යේෂණ මඟින් සනාථ කරගෙන තිබෙනව.

මේ ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සෛල වලට හානිකරන, සෛල වයස්ගත බවට පත්කරන සහ ලෙඩ රෝග හදන්න හේතුවෙන විවිධ හානිකර ද්‍රව්‍ය සෛල සමඟ බැඳීම වළක්වන්නත් ඒව සෛල වලින් ඉවත් කරන්නත් හැකියාව ලැබෙනව.

ඒ නිසා දියවැඩියාව, හෘද රෝග සහ පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරන්න ඔබට පුළුවන්. 

ඔබේ රුධිරයේ ඇති අහිතකර LDL වර්ගයේ කොලෙස්ටරෝල් මට්‍ටම අඩු කරන්න, හිතකර HDL වර්ගයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දමන්න කුරුඳු වලට හැකියාව තිබෙනවා.

එමඟින් ඔබේ රුධිර පීඩනය අඩුකර හදවත නීරෝගී කරන්න උපකාරී වෙනව. 

ඉන්සියුලින් පාලනය කිරීම මඟින් ඔබේ රුධිරයේ ඇති සීනි මට්ටම අඩු කරල දෙවන වර්ගයේ දියවැඩියා තත්වය ඇතිවීමේ අවධානම අඩු කරන්න කුරුඳු වලට හැකියාව තිබෙනවා.

පර්යේෂණ මඟින් සනාථ කර නැතත් ඔබේ ඉණ ප්‍රදේශයේ ඇති මේදය දහනය කරන්න වගේම කැලරි අවශෝෂණය අඩු කරන්නත් කුරුඳු වලට හැකියාව ඇතිබව විශ්වාස කරනවා.

බැක්ටීරියා සහ දීලිර වලට එරෙහිව සටන් කරයි

සැල්මොනෙල්ලා සහ ඊ කොලයි වගේ විවිධ ලෙඩ රෝග සාදන බැක්ටීරියා සහ දිලීර වර්ග වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව කුරුඳු වලට තිබෙනවා. 

ඒ වගේම ඔබේ මුඛ සෞඛ්‍ය ආරක්ෂා කරන්නත් දත්වල වේදනා අවම කරන්නත් කුරුඳු වලට හැකියාව ඇතිබව විවිධ පර්යේෂණ මඟින් තීරණය කර තිබෙනවා.

ඔසප් වේදනාවන් අවම කරයි

ඔසප් කාලයේ මුල් දින තුල කුරුඳු 1.5 ත් 3 ත් අතර ප්‍රමාණයක් ගත් කාන්තාවන් යොදාගෙන කරන ලද පර්යේෂනයකින් ඔවුන්ගේ ඔසප් වේදනාව වේදනා නාශක සහ කිසිවක් පානය නොකළ කාන්තාවන්ට වඩා අවම බව සනාථ කරගන්න පුළුවන් වුණා.

ඔසප් වේදනාවට අමතරව ඒ දිනවලදී ඇතිවෙන අනෙකුත් ශරීර වේදනාවන්, වමනය යාම සහ මානසික පීඩනය අවම කරන්නත් කුරුඳු වලට හැකියාව ඇති බවයි විශ්වාස කරන්නෙ.

මීට අමතරව,

සමේ වයස්ගත වීමේ ලක්ෂණ පාලනය කරන්න,

කුරුළෑ අවම කරන්න,

මොළයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගන්න,

HIV වලට එරෙහිව සටන් කරන්නත් කුරුඳු වලට ඇති හැකියාව ගැන මේ වෙද්දී පර්යේෂණ පවත්වමින් ඉන්නවා.

හොඳයි දැන් අපි බලමු ගෙදරදිම ලේසියෙන් කුරුඳු තේ හදාගන්නෙ කොහොමද කියල.

අවශ්‍ය ද්‍රව්‍ය

වතුර කෝප්ප 02 ක්

ඇඟිල්ලක් පමණ දිග කුරුඳු කැබලි 02 ක්

මී පැණි (අත්‍යාවශ්‍ය නැත)

දෙහි යුෂ (අත්‍යාවශ්‍ය නැත)

සාදාගන්නා ආකාරය 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here