කුරුණෑගල, වැහැර ගෑස් ඉන්ධන පිරවුම්හලක පිපිරීමක් – හතරක් මරුට – හතරක් රෝහලේ

0
17


කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා. 

පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රී මෙම ගින්න හටගෙන ඇති බවයි. 

සිද්ධියෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ. 

තුවාල ලැබූ පුද්ගලයින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

ගින්න මැඩපවත්වා ඇත්තේ කුරුණෑගල මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය විසින්. 

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here