කුමාර ජයකොඩිට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝගයක්

0
3

මහා පරිමාණ දූෂණ චෝදනා එල්ල වී තිබෙන බලශක්ති ඇමැති කුමාර ජයකොඩිට ලබන 27 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධි චෝදනා 02 ක් යටතේ පවරා තිබෙන නඩුවකට අදාළව ලබන 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල විසින් විත්තිකාර පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩිට සිතාසි නිකුත් කර තිබේ.

විත්තිකාර බලශක්ති ඇමැති කුමාර ජයකොඩි, ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් සිටිය දී කරන ලද රුපියල් ලක්ෂ 88 කට අධික දූෂණයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ නීති අංශය විසින් අධි චෝදනා 02 ක් යටතේ පවරා තිබෙන මෙම නඩුව ලබන 27 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල හමුවේ කැඳවීමට නියමිතය. අල්ලස් පනතේ 70 (ඇ) වගන්තිය යටතේ දූෂණය නමැති වරද කර ඇතැයිද චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකාර කුමාර ජයකොඩිට එරෙහිව පවරා තිබෙන මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් 21 දෙනකු සහ නඩු භාණ්ඩ 29 කින් සමන්විත ලේඛනයක්ද ඇතුළත් කර තිබිණි.

මෙම නඩුව කැඳවීමට නියමිත ලබන 27 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් විනිසුරුවරයා, අල්ලස් කොමිසම වෙත ද නොතිසි නිකුත් කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here