කුනිස්සෝ මැල්ලුම

0
20


අවශ්‍ය ද්‍රව්‍ය

  • කුනිස්සෝ ග්රෑම් 50 පමණ
  • පොල් අවශ්‍ය පමණ
  • පොල් තෙල් ස්වල්පයක්
  • රතු ළුණු ගෙඩි 4
  • ගම්මිරිස් කුඩු ටිකක්
  • අමු මිරිස්,අබ ඇට ටිකක්
  • කරපිංචා ඉති දෙකක් පමණ
  • කහ කුඩු ස්වල්පයක්
  • ලුණු
  • රම්පෙ

සාදන ක්‍රමය

තම්බන ලද සහ සාමාන්‍ය ලෙස කුනිස්සන් වර්ග දෙකක් වෙළඳ පොලේ දක්නට හැකියදැල් ලොකු පෙරණයකට දමා කුනිස්සන්ගේ වැලි රොඩු ඉවත් වන සේ හොඳින් සෝදා වතුර බසින්නට තබන්න.

පසුව තෙල් ස්වල්පයක් ලිප තබා රත්වන විට සිහින්ව ලියා ගත් රතු ළුණුඅමු මිරිස්අබකරපිංචාරම්පෙකුරුඳු පොතු සහ ඉස්සන් එකතු කරන්නඒවා බැදෙන විට ලුණුගම්මිරිස්සහ කහ ස්වල්පයක් අනාගත් පොල් එකතු කර කලවම් කරමින් තවත් විනාඩි තුනක් පමණ පිස ගන්න.

ඔබට තවත් රස වැඩි කරගන්නට අවශ්‍ය නම් ලපටි මෑ කරල් කිහිපයක් හෝ බෝංචි කරල් තුනක් පමණ සිහින්ව පෙති කපාගෙන කුනිස්සන් තෙලට එකතු කරන අවස්ථාවේ එකතු කර බැද ගන්න.

තිබ්බටු මැල්ලුමට මෙන් මෙම මැල්ලුමටද කහ ස්වල්පයක් එකතු කරන්නවියලි මිරිස් දැමීමෙන් රස සහ පැහැය වෙනස් වන බැවින් ඒවා අවශ්‍ය නොවේ.ගම්මිරිස් සහ අමු මිරිස් ප්‍රමාණවත්යතෙලට කරපිංචා ඉති 2 පමණ එකතු කරන්නබැදුණු කරපීන්චා වලින් රසයක් මෙන්ම අලංකාර පෙනුමක්ද ලැබෙයි.

නිකිණි බණ්ඩාර ගේ ගමේ කෑම කෘතිය ඇසුරෙනි.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here