කුඩු සමග කොටු වුණු එප්පාවල විදුහල්පති යළි රිමාන්ඩ්

0
10

අනුරාධපුරය, එප්පාවල ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ලබන 28දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (12දා) නියෝග කළේය.

ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නගර සභා මන්ත්‍රීවරියකගේ ස්වාමි පුරුෂයා වන මොහු පසුගිය 5දා අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහුට අයත් එප්පාවල, ඇඳගල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් පිටුපස හෙරොයින් කිලෝවකට අධික ප්‍රමාණයක් වළ දමා තිබියදීය.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙම වැටලීම සිදුකර තිබුණු අතර මෙම පුද්ගලයා විසින් ඒ අසල වැවකට විසිකර දමා තිබුණු මත්ද්‍රව්‍ය මැනීමට භාවිත කරන විද්්‍යුත් තරාදියක් හා පොලිතින් සීලරයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
කමල් බෝගොඩ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here