කුඩු බෙදූ කොළඹ මහ නගර සභාවේ සේවකයා අල්ලයි

0
4

කොළඹ මහ නගර සභාවේ සේවකයින්ට අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කළ එහි කාර්යාල කාර්ය සහයකයෙකු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සිය කාර්යාල කාමරය තුළ දීර්ඝ කාලයක් තිස්සේ සූක්ෂම ලෙස අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් කර නගර සභා සේවකයින්ට අලෙවි කර ඇති බව පොලීසිය පැවසීය.

කැම්බල් පිටිය ආසන්නයේ පිහිටි කොළඹ මහා නගර සභාවට අයත් ගොඩනැගිල්ලේ අදාළ සේවකයාගේ කාර්යාලය පිහිටා ඇති අතර ඔහු එහි රිය සහයකයෙකු වශයෙන් කටයුතු කර ඇත.

වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට පසුගිය 22 වනදා ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර .ිබේ. එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් විසි දහසකට අධික ප්‍රමාණයක් සොයා

ගෙන ඇති අතර 38 හැවිරිදි පුද්ගලයෙක් වන සැකකරු බොරැල්ල පොලීසිය වෙත භාරදී ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here