ගමේ උදව්වෙන් පවුලම STF එකට කොටු
අයිස් හා ගංජා අලෙවි කරන බව කියන දෙහිඅත්තකණ්ඩිය ලිහිණියාගම ‘පාලම් සුද්දා’ නමැති 25 හැවිරිදි සැකකරු පසුගිය දිනෙක අලුයම අත්අඩංගුවට ගැනීමට ගිය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට එම සැකකරුගේ මව සහෝදරියන් ඇතුළු කාන්තාවන් පිරිසක් වට කරගෙන පහර දීමට කටයුතු කළ අවස්ථාවේ එම තත්ත්වය මැඬ පැවැත්වීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට හැකිවී තිබේ.
එහිදී පාලම් සුද්දා නමැත්තාගේ සහෝදරියක් සිය ඇඳුම් ඉරාගෙන තමාට අතවර කරන බවට කෑගසා ඇති බවත් මෙම පවුල්වල තත්ත්වය හොඳින් දන්නා ප්‍රදේශවාසීන් උපකාර කිරීමෙන් අනතුරුව සැකකරුගේ මව, බිරිඳ ඇතුළු සහෝදරියන් පස්දෙනකු අයිස් මිලිග්‍රෑම් 580 ක් ග්‍රෑම් දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී ප්‍රධාන සැකකරු දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් සරණි ජයවර්ධන මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණි.සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ලක්ෂ්මන් බණ්ඩාර මුල්ලේගම මහතා පෙනී සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගයාන් බුද්ධික මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පරීක්ෂක සුදර්ශන, පොලිස් පරීක්ෂක වීරසිංහ, උ.පො.සරත් චන්ද්‍රසිරි, පො.සැ. (61636) අජිත්,පො. සැ.(74322) රාජපක්ෂ, පො.කො. (77479) ලක්මාල්, කාන්තා පොලිස් නිලධාරීනි (10568) තරංගා යන මහත්ම මහත්මින් සමග විශේෂ කාර්ය බළකා නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
දෙහිඅත්තකණ්ඩිය -රණතුංග, ඇලහැර- නිශ්ශංක වෙලගෙදර
Saru FM Media










