කුඩා ඔය ඇළ මාර්ගයේ මළසිරුරක්

0
11


වරකාපොළ – කුඩා ඔය මාර්ගයේ ඇළක තිබී අද (08) දහවල් මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ප්‍රදේශවාසියෙකු විසින් සිදු කරන ලද දැනුම්දීමක් මත එම මළසිරුර සොයා ගත් බවයි.

මරණයට හේතුව හෙළි වී නැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර වාර්තාව සපයන ලෙසට වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලූෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය පොලිසියට නියෝග කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වරකාපොළ – පිළාඩුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අවිවාහකයෙක්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here