කිළිනොච්චියේදී මෝටාර් බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබූ තට්ටුවාන් කොට්ටි ප්‍රදේශයෙන් තවත් පුපුරා නොගිය මෝටාර් උණ්ඩ හතරක් ආරක්ෂක අංශ විසින් ඊයේ (30දා) සොයාගෙන ඇත.
එම පුපුරා නොගිය මෝටාර් උණ්ඩ අධිකරණ නියෝගයක් ලබා ගෙන පුපුරුවා හැරීමට කිළිනොච්චිය පොලීසිය පියවර ගෙන තිබේ.
පසුගිය සදුදා උදෑසන මේ ප්‍රදේශයේ නිවසකින් පස් ලබා ගැනීමට පුද්ගලයින් දෙදෙනෙකු වළක් හාරමින් සිටියදී හදිසියේම පුපුරා ගිය බෝම්බයක් නිසා එම පුද්ගලයින් දෙදෙනාම බරපතල ලෙස තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇත.
එම පිපිරීමෙන් ඔවුන් දෙදෙනාගේම පාද වලට දැඩි හානි සිදුව තිබේ.
මෙම සිද්ධියෙන් පසුව පළාතේ ආරක්ෂක අංශ ප්‍රදේශය පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකදී ස්ථාන හතරක තිබී මෙම පුපුරා නොගිය මෝටාර් උණ්ඩ හතර හමු වී ඇත.
Saru FM Media