උදය ප්‍රභාත් ගම්මන්පිල පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ යන දෙදෙනාගේ ම නීතිඥයා ලෙසින් එක වර පෙනී සිටිමින් සිදු කළ කාර්යභාරය තවදුරටත් ඉදිරියට ගෙන යමින් මෑත කාලයේ සිදු කරන ලද ජනතා ද්‍රෝහී ක්‍රියාමාර්ගවලට මුල් වූ සියළු පිරිස් එකම වේදිකාවකට කැඳවා ඇති බව දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දී තිබේ.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නමින් හැඳින්වූ ප්‍රබන්ධය එළි දැක්වීමේ අවස්ථාවට එම පිරිස් ඒකරාශී කර ගත් බව එම විශ්ලේෂකයන්ගේ මතයයි.
රජය විසින් හඳුන්වා දුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධ්‍යාපනයේ අසභ්‍යකරණය යනුවෙන් ද සම ලිංගිකත්වය ප්‍රවර්ධනය කරන වැඩ සටහනක් යනුවෙන් ද විකෘති ප්‍රචාර ගෙන ගිය පිරිස්, බුද්ධාගම වෙනුවෙන් අමාත්‍යංශයක් නැති බව ප්‍රකාශ කළ පිරිස්, දිට්වා සුළි කුණාටුවෙන් බොරු ප්‍රචාර ගෙන ගිය පිරිස් මෙන් ම ඉරාන නාවික හමුදා යාත්‍රාවකට ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ දී ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකාවට ඔත්තු සැපයූ බව ප්‍රකාශ කළ පිරිස් ආදී වශයෙන් ජනතාවගේ පිළිකුලට පාත්‍ර වී පළවා හරින ලද දේශපාලකයින් සියළුම දෙනා එකම දේශපාලන වේදිකාවකට ගෙන ඒමට උදය ගම්මන්පිල සමත් වූ බව පෙන්වා දී ඇත. එමෙන් ම, එම දේශපාලකයන් වෙනුවෙන් යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය මෙහෙයවන්නන් ද ඒකරාශී කර ගෙන සිටි බව හෙළි කර තිබේ.
2
Saru News













