කිසිදු ගල් අඟුරු වංචාවක් වෙලා නෑ. ඒ ටෙන්ඩරයෙන් රටට ඉතාම වාසියි. අපට චෝදනා කරන්නේ හොරු – අරුණ

0
2

විපක්ෂය කියන ආකාරයේ කිසිදු ගල් අඟුරු වංචාවක් සිදුවී නොමැති බවත් වත්මන් ආණ්ඩුව යටතේ ගල් අඟුරු මිලදී ගැනීම සිදුවන්නේ රටට ඉතාම වාසිදායක ලෙසින් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පවසයි.

“අවුරුදු ගාණක් චෝදනාවලට ලක්වෙලා හොරකමේ කෙළපැමිණි රෑනක් වෙන මොන මඟුලක්වත් නැතිව ඉන්දැද්දී ඉතින් ආණ්ඩුව කරන හොඳ දේට මොනවාහරි කියකියා යනවා. චෝදනා කරන්න පුළුවන්නෙ ඕනෙ කෙනෙකුට. අපි කියනවා ඔප්පු කරලා පෙන්වන්න. අපි පැහැදිලිවම දන්නවා ගල් අඟුරු වංචාවේ කිසිදු – ඒගොල්ලො කියන වංචාවේ කිසිදු වංචාවක් රටට වෙලා නැහැ. ඒක අපි ආණ්ඩුවක් හැටියට පැහැදිලිවම ඒ වගකීම දරණවා. පාර්ලිමේන්තුවේදී පසුගියදා මේ පිළිබඳව විවාද කළා. ඒකෙදි අපි පැහැදිලිවම ඔප්පු කරලා පෙන්නුවා ඇමතිතුමා ඇතුළු ආණ්ඩුව මේ විපක්ෂය කියන ගල් අඟුරු වංචාවක් සිද්ධ වෙලා නැහැ. ඒක රටට ඉතාම වාසි සහගත තත්වයක් ඇතුළෙ මේක පවත්වාගෙන යන්න කටයුතු කරනවා. නමුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුළෙ ටෙන්ඩරය බාරගත්ත කෙනාගෙ අතින් එයා බාරගත්ත කොන්ත්‍රාතුව ඉෂ්ට නොවිලා තියෙනවා නම් ඒකට අදාළව කටයුතු කරන්නත් රජය වගකීමක් බැඳිලා ඉන්නවා. අපි ඒ කටයුතු නිවැරදිව කරනවා. කිසිදු වංචාවක් සිදුවෙලා නැහැ. රජයට ඒ ගත්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුළෙ ඒ වෙච්ච එකඟාවලින් එයා බැහැර වෙච්ච නිසා රජය එයාට විරුද්ධව ලොකු දඩ මුදලක් ගහලා තියෙනවා. ඒ හැරුණුකොට වෙන කටයුත්තක් සිද්ධ වෙලා නැහැ. ඔබ දන්නවා, ලෝකෙ හැමතැනම ගල් අඟුරු නැහැ. ලෝකෙ හැමතැනම ගල් අඟුරු සපයන සමාගමුත් නැහැ. එතකොට ලංකාවේ ලියාපදිංචි වෙලා ඉන්න ගල් අඟුරු සමාගම් ගණනාවකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඇතුළෙ ගල් අඟුරු මිලදී ගැනීමට කටයුතු කරද්දී, ඔය ඒ කාලෙ හිටපු විපක්ෂයේ කට්ටිය ගල් අඟුරු ගෙන්වන්න බාරදීපු කට්ටියගේ ටෙන්ඩරය අවලංගු වෙලා තියෙනවා. ඒකෙ අඳෝනාව තමයි ඔය තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි, ඒගොල්ලො වැඩි මිලට තමයි ඒ කාලෙ ගල් අඟුරු ගෙනල්ලා තියෙන්නෙ. දැන් අලුත් කෙනාට රජය මේ ටෙන්ඩරය බාරදීලා තියෙන්නෙ ඉතාම අඩුම අඩු ටෙන්ඩරයකට. ඒ නිසා විශාල මුදලක් එතනින් ඉතුරු වෙනවා. මෙතනින් අඩුවක් වෙලා තියෙන තැන දඩ මුදලින් ඒක පියවෙනවා, කිසිදු පාඩුවක් රජයට වෙන්නෙ නැහැ. පරීක්ෂණ වාර්තාව ළඟදීම එයි. ඔය කෑගහපු කට්ටියත් පරීක්ෂණ කමිටුවේ ඉන්නවා. එතකොට ඒගොල්ලොන්ටම කියන්න සිද්ධ වෙයි තමන් කිව්වෙ බොරුවක් කියලා”

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

The post කිසිදු ගල් අඟුරු වංචාවක් වෙලා නෑ. ඒ ටෙන්ඩරයෙන් රටට ඉතාම වාසියි. අපට චෝදනා කරන්නේ හොරු – අරුණ appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here