Thursday, May 22, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් කිසිදා සේවය නොකළ 15 දෙනෙකුගෙ නම් දමා රමිත් රඹුක්වැල්ල ගැසූ හැටි –...

කිසිදා සේවය නොකළ 15 දෙනෙකුගෙ නම් දමා රමිත් රඹුක්වැල්ල ගැසූ හැටි – සති දෙකකට රිමාන්ඩ්

0
2


how-ramith-rambukwella-was-attacked-by-naming-15-people-who-had-never-served-remanded-for-two-weeks

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ල ජූනි මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (21) නියෝග කළාය. කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (21) ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

 කෙහෙළිය රඹුක්වැල්ල 2021 සහ 2023 අතර කාලසීමාව තුළ ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පාරිසරික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් 15  දෙනෙකු නාමිකව ඇතුළත් කොට ඔවුන්ට හිමි වැටුප්, දීමනා සහ අතිකාල දීමනා ලබාගෙන ඒවා පිළිමතලාව ප්‍රදේශයේ පෞද්ගලික ගිණුමකට බැර කොට එම මුදල් දේශපාලන ආධාරකරුවන් හා හිතවතුන් අතර බෙදා දීම තුළින් රජයට රුපියල් 8,058,814ක පාඩුවක් සිදුකළේ යැයි අල්ලස් කොමිසම විසින් පැමිණිලි තුනක් අධිකරණය හමුවේ ගොනුකර කරන ලබන විමර්ශනයට අදාලව කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙයි.


එම දූෂණ සිද්ධියේ සැකකරුවෙකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ල නම් කරන ලෙස කොමිසම කළ ඉල්ලීම ඊයේ අධිකරණය පිළිගත්තේය. මෙම පැමිණිලි ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ මෙම නඩුවේ සැකකරුවකු ලෙස රමිත් රඹුක්වැල්ල නම් කරන බවය.
රමිත් රඹුක්වැල්ලට ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීම් කර තිබුණද ඊයේ දිනය තෙක් ඔහු පැමිණ ප්‍රකාශයක් ලබාදී නොමැති බවද එම නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය. ඒ අනුව අධිකරණය නියෝග කළේ රමිත රඹුක්වැල්ලට අද දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසය. අල්ලස් කොමිසමට පැමිණි රමිත රඹුක්වැල්ල එම කොමිසම විසින් අද අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මේ ලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්රයා වන මෙම සැකකරු හිටපු අමාත්යවරයාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කර තිබෙන බවයි.


“ස්වාමීනි මෙම සැකකරු විසින් අමාත්යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලයින් පහළොස් දෙනෙකු නම් කරමින් ඔවුන්ව පත් කරන ලෙස ඔහුගේ අත්සනින් අමාත්යාංශ ලේකම්වරයා වෙත ලැයිස්තුවක් යොමු කර තිබෙනවා.” යනුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට සඳහන් කළේය.
එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ “එම පුද්ගලයින් පහළොස් දෙනා කිසිදිනක අමාත්යාංශයේ සේවය කර නැහැ. ඔවුන් එම තනතුරු සඳහා පත්කර තිබෙන්නේ නාමිකව පමණයි. නමුත් ඔවුන්ට හිමි වැටුප් දීමනා හා අතිකාල දීමනා සියල්ල පිළිමතලාව ප්රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුමකට බැර කර තිබෙනවා.” යනුවෙනි.
අනතුරුව එම මුදල් හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දේශපාලන ආධාරකරුවන්ට හා හිතවතුන්ටත් ලබාදී තිබෙනවා පමණක් නොවෙයි අමාත්යවරයාගේ පෞද්ගලික පරිහරණය සඳහා ද එම මුදල් ලබාගෙන තිබෙන බවට කරුණු අනාවරණ වුණා.
එසේ නාමිකව පත් කරන ලද පුද්ගලයින්ගේ දීමනා සියල්ල අනුමත කර තිබෙන්නේ කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල විසින් බවත් මේ හරහා රජයට සිදු වූ පාඩුව රුපියල් ලක්ෂ අසූවකට (රුපියල් 8,000,000) අධික බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇති බව නිලධාරීන් අධිකරණයට සඳහන් කළේය. මෙම නීතිවිරෝධී ක්රියාව සිදුකිරීම සඳහා මෙම සැකකරු ඇතුළු සෙසු පිරිස සංවිධානාත්මකව ක්රියාත්මක වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.


සැකකාර රමිත් රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා සඳහන් කළේ අල්ලස් කොමිසම එල්ල කරන චෝදනා සියල්ල ප්රතික්ෂේප කරන බවයි.
“මෙම සිද්ධිය හරහා කිසිදු මුදලක් තම සේවාදායකයාගේ ගිණුමට බැර වී නොමැති අතර ඔහු කටයුතු කර තිබෙන්නේ පවතින නීතිමය තත්වයන්ට අනුකූලව” බව එම නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව සැකකරු ඇප මත මුදා හරින ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරිය ඇප ඉල්ලීම ප්රතික්ෂේප කර සැකකරු ලබන තුන්වනදා (ජූනි 3) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද ඥාති සංග්‍රහ චෝදනාවලට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here