කිව්ව දේ කරන්න බෑ, මිනිස්සුන්ට ඇත්ත කියන්න ඕන – දිලිත් කියයි

0
3

රටේ ජනතාවට ධනය ලැබීමේ ක්‍රම නිර්මාණය කළ යුතු බවත්, ඒ සඳහා ඇති විසඳුම ව්‍යවසායකත්ව රාජ්‍යය සංකල්පය බවත් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (11) කොටගල පැවති ජන හමුවකට එක්වෙමිනි.

“කොච්චර අසරණ වෙලාද මේ දිස්ත්‍රික්කේ. කිව්ව දේ කරන්න බෑ.  දැන් එහෙනම් මොකක්ද කරන්න තියෙන්නේ, මිනිස්සුන්ට ඇත්ත කියන්න ඕන.  ඒ වෙනුවට ජනපති දැන් මොනවාද දිගින් දිගටම කියාගෙන යන්නේ? මේ රටේ ජාතිවාදයක් තියෙනවාලු, අන්තවාදයක් තියෙනවාලු, ඒකට හිස ඔසවන්න ඉඩදෙන්නේ නැහැලු. මේ ජනාධිපතිවරයාට ඕනේ වෙලා තියෙනවා එයාගේ බලය තියාගන්න නැති ජාතිවාදයක් මේ පොළොවේ හදන්න. 

මේ රටේ හැම මනුස්සයෙක්ගේ අතටම සල්ලි යන්න ඕන.  ඔබ හිතන් ඉන්නවා මෙවර පඩි වැඩිවෙයි කියලා.  මම එක දෙයක් කියන්නම් – ලංකාවේ පඩි වැඩිවෙනවා නම් හරි අස්වැසුම වැඩිවෙලානම් හරි එක දෙයයි කරන්න තියෙන්නේ. ඊට සතියකට කලින් කඩේට ගිහින් බඩුවල ගණන් ලියාගන්න පඩි වැඩිවුණාට පසු නැවත කඩේට ගිහින් ගණන් ලියාගන්න අනිවාර්යයෙන් බද්දක් ගහලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවලට.

ධනය ලැබෙන්න ක්‍රමයක් ඕන – ඒ ක්‍රමය තමයි අපි කියන මේ ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය. ඒ විදියට තමයි ලෝකේ රටවල් රැසක් දියුණු වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට සල්ලි එන ක්‍රමයක්, දුප්පත්කම නැතිවෙන ක්‍රමයක් සොයාගත යුතුයි. ඒකට තමා අපි මේ මහන්සි වෙන්නේ. අපි සර්වජන සභාවක් හදමු මේ කොටගල කොට්ඨාසයේ. එකා එකා ‍ගොඩ අරගෙන. විශේෂයෙන්ම මේ කාන්තා ව්‍යවසායකත්වය ගොඩඅරගෙන  අපි ගොඩඑන්න ඕන.”

මේ අතර දිට්වා සුළි කුණාටුව හමුවේ දැඩිව විනාශ වූ කොත්මලේ නියම්ගම්දොර පුරාණ රජමහා විහාරස්ථානය ඇතුළු එම ප්‍රදේශයේ ගැටලු විමසා බැලීමටද දිලිත් ජයවීර මහතා කටයුතු කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here