කිරි වෙනුවට උදේට බොන්න පුළුවන් පෝෂණීය පාන වර්ග කීපයක්

0
11


කිරිපිටි කියන නම ඇහුවත් හිත ගැස්සෙන කාලෙක ඒ තරම් මිල අධික දෙයක් වෙනුවෙන් කාලය නාස්ති නොකර ඔබට කරන්න පුලුවන් දෙයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. කිරි නොබී උදේට අපිට බොන්න පුලුව පෝෂණය සපිරි පාන වර්ග කොයිතරම් නම් තියෙනවද ??

ශරීරයට හිතකර අන්න ඒ වගේ පාන වර්ග කීපයක් ගැන තමයි මේ විස්තර

නෙල්ලි පානය

අවශ්‍ය ද්‍රව්‍ය

  1. බෙහෙත් නෙල්ලි ගෙඩි කිහිපයක්
  2. වතුර කෝප්ප 1
  3. බැදගත් සූදුරු තේ හැඳි 1
  4. ලුණු ස්වල්පයක්
  • නෙල්ලි වල ඇට අයින් කරල පොඩියට කපාගන්න.
  • මේකට වතුර දාලා ග්‍රයින්ඩ් කරගන්න.
  • සූදුරු ටික , රස අනුව දාල හොඳට ග්‍රයින්ඩ් කරලා පෙරාගන්න.

බෙලිමල් තේ

අවශ්‍ය ද්‍රව්‍ය

  1. වියළි බෙලිමල් මේස හැඳි 2
  2. වතුර කෝප්ප 1
  3. රස අනුව සීනි
  • බෙලිමල් වලට වතුර ටික දාගන්න. විනාඩි 5ක් විතර තම්බගන්න.
  • මේක පෙරාගෙන රස අනුව සීනි දාලා බොන්න

කරපිංචා තේ

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කරපිංචා ඉති 5ක් විතර
  2. වතුර කෝප්ප 2
  3. රස අනුව සීනි
  • භාජනයකට කරපිංචා ටික දාගන්න. වතුර කෝප්ප 2ක් දාලා කලවම් කරලා හොඳට නටවගන්න.
  • දැන් මේක පෙරලා බොන්න. කොලෙස්ටරෝල් තියෙන අයට ගොඩක් ගුණයි.

සෝයා කිරි

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සෝයා ඇට ග්‍රෑම් 200
  2. සීනි තේ හැඳි 2
  3. ලුණු ස්වල්පයක්
  • සෝයා ඇට රැයක් පෙඟෙන්න දාගන්න. දැන් මේක හොඳට සෝදලා පොතු අයින් කරලා වතුර කෝප්ප 2ක් දාලා බ්ලෙන්ඩ් කරගන්න.
  • පිරිසිදු රෙදි කෑල්ලකින් පෙරලා ලිපේ තියලා උණු කරන්න. උඩින් යොදය වගේ හැදෙන ටික අයින් කරගන්න. නටන කොට ලිපෙන් බාල සීනි හා ලුණු දාලා බොන්න ගන්න

මේ වගේ පෝෂණය පිරුණු පානයක් එක්ක දවස පටන් ගන්න ඔයාට ඔයාගේ දවස සාර්ථක කරගන්න පුලුවන්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here