කිරි පිටි සහ අඹ වලින් රසවත් අඹ අයිස්ක්‍රීම් ගෙදරදී හදමු..

0
10


අයිස් ක්‍රීම් කන්න අපි කවුරුත් හරිම කැමතියි. ගෙදර හදපු අයිස් ක්‍රීම් වලින් පවුලේ අය පුදුමයටත් සතුටටත් පත් කරන්න කැමති නැද්ද.. ගස් වල අඹ පිරිලා තියන මේ කාලේ කිරි පිටි සහ අඹ වලින් අයිස් ක්‍රීම් හදන අපූරු සාස්තරයක් තමයි මේ..

ගෙදර තියන දේවල් මේ වැඩේට හොඳටම ඇති.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හොඳින් ඉදුණු අඹ ගෙඩි 6ක්
  • කිරිපිටි 200g
  • උණු වතුර 400ml
  • සීනි තේ හැඳි 7ක්
  • වැනිලා තේ හැන්දක්
  • ජෙලටින් තේ හැන්දක්

කිරිපිටි උණු වතුරෙ දිය කරගන්න. එය හොඳින් උකු විය යුතුයි. එයට සීනි ද මිශ්‍ර කර ගන්න. එය නිවෙන්නට තබන්න.

උණු වතුර මේස හැඳි 3කට පමණ ජෙලටින් දිය කරගන්න.

අඹ ටික පොඩි කෑලි කපාගන්න. කපාගත් අඹ, කිරි සහ සීනි බ්ලෙන්ඩ් කරගන්න. අඹ හොඳට ක්‍රීම් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න.

ඒ ක්‍රීම් එකට වැනිලා ටිකක් දිය කරගත් ජෙලටින් හා අවශ්‍ය නම් කලරින් එක් කර හොඳින් බීට් කරගන්න. විනාඩි 15ක් විතර බීට් කරගන්න.
මේ මිශ්‍රණය පැය හයක් අධි ශීතකරණයේ තියන්න.

පැය හයකට පසු එළියට ගෙන විනාඩි 10ක් පමණ බීට් කරගන්න. නැවත අධිශීතකරණයේ තියන්න.

මේ ලෙස තව වතාවක් කරන්න

දැන් හොඳින් ශීත කර කෑමට ගන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here