නව ජන්ම ළදරුවෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමට සිදුවන හේතු පිළිබඳව අපි මිට පෙර ලිපියකදිත් සාකච්ජා කල ඔබට මතක ඇති. මේ ම ලිපියෙන් දැක්වෙන්නේත් එසේ වීමට බලපෑ හැකි තවත් අවස්ථා පහක් පිළිබඳවයි.
හදිසියේ ඇතිවන ස්නායු ක‍්‍රියාකාරීත්වයේ වෙනසක් නිසා මෙම තත්ත්වය ඇති වේ. මෙයට හේතූ ලෙස,
මීට අමතරව ශරීර උෂ්ණත්වය වැඩිවූ විටද මෙවැනි තත්ත්වයක් සමහර ළදරුවන් තුළ දැකිය හැක.
මේ තත්ත්වය සඳහා ප්‍රතිකාර ලෙස,
i) අවශ්‍ය නම් කෘත‍්‍රීම ශ්වසනය ලබාදීම :
ii) රුධිරයේ සීනි මට්ටම 45mg/dl වඩා අඩු නම් 10% Dextrose ආම්ලයිකය බර අනුව ලබාදීම
iii) කැල්සියම් ප‍්‍රමාණය අඩු නම් Calcium gluconate මගින් නිවැරදි කිරීම
iv) තවදුරටත් ආක්ෂේප පවතී නම් ප‍්‍රති ආක්ෂේප ඖෂධ (Anti Convulsire drug) ලබාදීම (උදා: Phenobarbitone IV, Levateracetum IV)
v) ප‍්‍රති ආක්ෂේප මගින් ද මෙම තත්ත්වය අඩු නොවුනි නම් Midazalam ඖෂධය N.Salin හා එකතු කර ශිරාවක් ඔස්සේ ආම්ලයිතයක් ලෙස ලබාදීම
තීව‍්‍ර අවස්ථාව සමනය වූ පසුව මොළයේ ස්කෑන් පරීක්‍ෂණය (USS brain) හා (ECG) පරීක්‍ෂණය කරගැනීම වැදගත් වේ.
සම හා ඇසේ සුදු පැහැ කොටසේ (Sclera) කහ පැහැයක් ගැනීමයි. මෙය ආකර 2 කි.
i) භෞතවේදීය කාමලාව (Physiological Jaundice)
පැය 24-72 කහ පැහැය ඇති වේ. මේරූ දරුවෙකුගේ නම් දින 4-5 දී ද නොමේරූ දරුවෙකුගේ නම් දින 7 දී ද නොපෙනී යයි.
ii) ව්‍යථවේදීය කාමලාව (Pathological Jaundice) මුල් පැය 24 තුලදී ඇති වේ
මේ තත්ත්වය සඳහා ප්‍රතිකාර ලෙස,
බිලිරුබින් මට්ටම පරික්ෂා කරමින් එය වැඩි නම් ප්‍රභා ප්‍රතිකාරය දෙගුණ කරනු ඇත.ඉන් ද සුවය නොලැබුනහොත් රුධිර හුවමාරුව (Blood exchange) සිදු කරයි.
ශරීර ගතව සිටින බැක්ටීරියා රුධිරයට එක්වීම නිසා ඇතිවන ආසාධන තත්ත්වයකි. මේ තත්ත්වය ඇති කිරීමට වැඩිපුරම බලපාන බැක්ටීරියා වර්ග ලෙස E-Coli, B Streptococci, staphylococci යන බැක්ටීරියා වර්ග හැඳින්විය හැකිය. මෙසේ මෙම බැක්ටීරියාවන් රුධිරයට එක්වීම නිසා එම රුධිරය සංසරණය වන සෑම අවයවයකම හානිදායක තත්ත්ව ඇති කරයි.
මෙම තත්ත්වය හඳුනාගැනීම සඳහා සිදු කරන පරීක්‍ෂණ :
ප‍්‍රතිකාර ලෙස :
දරුවා උපදින විට හෘද බිත්තියේ හෘද කපාට, රුධිර වාහිනීවල ආබාධ සහිතව උපදී. විවිධ රෝග තත්ත්ව සඳහා විවිධ ප‍්‍රතිකාර ඇත.
ප‍්‍රතිකාර ලෙස :
Implantable cardioverter defibrillator – ජීවිතයට තර්ජනය විය හැකි හද ගැස්ම පාලනය කරයි
ඉහත ශල්‍ය තත්ත්වයන් සඳහා ශල්‍යකර්ම සිදු කරයි.
Saru FM Media