කිරිකොස් ව්‍යංජනය

0
14


නිකිණි නේත්‍රාන්ජලි ගේ ගමේ කෑම කෘතියෙන්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කොස් මදුළු 20ක් 30ක්
  • පොල් අඩලක කිරි
  • කහකුඩු ස්වල්පයක්
  • මිරිස් කුඩු ස්වල්පයක්
  • අමු තුනපහ කුඩු ස්වල්පයක්
  • අමු මිරිස් කරල් තුනක්
  • ලුණු ,රතු ළුණු ගෙඩි කිහිපයක්
  • කරපිංචා ඉති දෙකක්
  • සුදු ළුණු බික් එකක්
  • කුරුඳු පොතු,රම්පෙ

සාදන ක්‍රමය:

හොඳින් පැසුණු කොස් ගෙඩියකින් ගත් මදුළු ඇට ඉවත් කර අතින් ලොකුවට කඩා ගන්න.කඩන විට දිග් අතට නොව හරස් අතට කඩන්නඇතැම් අය සිහින්ව කපා ගනියිකොස් ඇට තලා පොතු ඉවත් කරගන්න.

පිරිසුදු කරගත් කොස් ඇට හොඳින් තැම්බීමට ඇතිලියේ මැදටම දමන්නයටින් සහ උඩින් මදුළු අතුරන්න.ලුණු කුඩුමිරිස් කුඩු ස්වල්පයක්කහකුඩු ස්වල්පයක්අමු තුනපහ කුඩු ස්වල්පයක්කුරුඳු පොතු කැබැල්ලක්කරපිංචාරම්පෙකැමති හැඩයට කපන ලද අමු මිරිස්රතු ළුණු එකතු කර තැම්බෙන්නට ප්‍රමාණවත් ලෙස වතුර දමා මුඩියකින් වසා ලිප තබන්න.වතුර කොස් කැබලි මට්ටමට වඩා අඩුවෙන් දමන්න.එවිට වතුර රත් වීමෙන් සහ හුමාලයෙන් තැම්බෙන්නට පටන් ගනී.

කොස් මදුළු තැම්බීගෙන එන විට ප්‍රමාණවත් ලෙස පොල් කිරි එකතු කරන්නපසුව උඩ යට පෙරලමින් හොඳින් කලවම් කරන්න.කහ අඩුවෙන් එකතු කල විට ලා පැහැයකුත් වැඩියෙන් එකතු කලොත් තද කහ පැහැයකුත් ලැබෙයි.

එහෙත් සුදුසුම ක්‍රමය කහ මිරිස් තුනපහ අඩුවෙන් එකතු කිරීමයිපොල් කිරි හොඳට මිශ්‍ර වී ඉදුණු පසු ලිපෙන් බා ගන්න.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here