කියුටෙක්ස් ගාන්න කලින් කියවන්න

0
11


නිය ආලේපන ගල්වන්න අපි කවුරුත් හරිම කැමතියි. සුන්දර නිය පෙළක් ලබා ගන්න නිය ආලේපන හොඳ හේතුවක්. ඒත් මේ නිය ආලේපන ගැල්වීම සංයමයකින් කිරීමෙන් නිය පෙළට වඩා ලස්සනක් සහ ආකර්ෂණීය බවක් එකතු කර ගන්න ඔබට පුලුවන්.
නිය ආලේපන ගැල්වීමේදී දෑත් නොසෙල්වෙන සේ තබා ගන්න. මෙයට හොඳම ඉරියව්ව වන්නේ මේසයක් ළග ඇති පුටුවක අසුන් ගෙන මේසය මත දෑත තබා සංයමයෙන් යුතුව ආලේපන ගල්වන්න.
නිය ආලේපන ගැල්විය යුත්තේ දෑත් සෝදා, වියලාගෙනයි. තෙත සහිත නියපොතු, තෙල් කුණු සහිත නියපොතු මත නිවැරදි ලෙස නිය ආලේපන තැවරීම අපහසුයි. අත් වල ක්‍රීම් ආලේප කර  ඇත්නම් නිය ආලේපන තැවරීමට පෙර ඒවා සෝදා හරින්න.
ඔබේ නියපොතු වටා සමේ ඉතා පරිස්සමින් වැස්ලින් ස්වල්පයක් ගල්වන්න. නැත්නම් ගම් ස්වල්පයක් සම මත ආලේප කරන්න. නියපොත්තෙන් එපිට ප්‍රදේශ වල තැවරුණු නිය ආලේපන පහසුවෙන්ම ඉවත් කර ගන්න පුලුවන්.
Base Coat එකක් මුලින්ම ගල්වා නිය ආලේපනය වඩා සුදුසුයි. කෙලින්ම නිය ආලේපන ගැල්වීමෙන් එහි ඇති රසායනික ද්‍රව්‍ය  ඔබේ නියපොතු වලට හානි ඇති කරන්න පුළුවන්.
Top Coat එකක් නිය ආලේපනය මත ගල්වන්න. නිය ආලේපන සීරි යාම වලක්වාලීම සඳහා Top Coat එකක් වැදගත් වෙනවා.
නිය ආලේපන ඉවත් කිරීම දින තුනකට වතාවක්වත් සිදු කරන්න. එයට ප්‍රමිතියෙන් උසස් Nail Polish Remover භාවිතා කරන්න.
-නිබන්ධිකා-

The post කියුටෙක්ස් ගාන්න කලින් කියවන්න appeared first on SmartLady.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here