කියවන්න පොතක්- සෙංකොට්ටං

0
8


ඇනා කැරනිනා

ඉතා ඈත අතීත කාලයක් පසු බිම සහිත ව හෙවත් එම කාලයේම වාසය කළ ලියෝ තොල්ස්තෝයි විසින් රචනා කළ විප්ලවකාරී නවකතාවක් ලෙස ඇනා කැරනිනා හඳුන්වන්න පුළුවන්.

සිය ප්‍රභූ සැමියා ගෙන් සහ එකම පුතණුවන් ගෙන් මිදී තමා ප්‍රේම කරන තරුණයා සමඟ ගොස් ඔහු සමඟ නිත්‍යානුකූල නොවන විවාහ ජීවිතයක් ගත කරන අතිශයින්ම රූමත් කාන්තාවක් පිළිබඳ කතාවක් මෙය.එවකට පැවැති සමාජ පමණක් නොව අද පවතින වර්තමාන සමාජය ද විනිවිද යන කතාවක් ලෙසට පැවැත්මක් තිබෙන කතාවක්.

තෝල්ස්තෝයි ඇනා කැරනිනා නවකථාව ආරම්භ කර ඇති ආකාරය ද විචාරක අවධානයට යොමු වූ මාතෘකාවක්.ඒ සම්බන්ධව කේ. ජයතිලක මහතා මෙසේ පවසනවා.

“ධම්මපදට්ඨ කථාවේ නැතහොත් ජාතකට්ඨ කථාවේ කථා වස්තූන් ආරම්භ වන්නේ ඒවාට පදනම් වූ ධම්මපද පාලියේ නැතහොත් ජාතක පාලියේ ගාථා පදයක් ගෙනහැර දැක්වීමෙනි. නොයෙක්විට මෙම තනි පදයෙහි කතාවෙහි දක්නට ලැබෙන සමස්ත සාරය ගැබ් වෙයි. එසේ ම ඇනා කැරනිනා ආරම්භ වන්නේ ද එම නවකථාවේ සමස්ත සාරය ගැබ් කරගෙන ඇතැයි සිතෙන පහත සදහන් ඡේදයෙනි.

‘සියලු වාසනාවන්ත පවුල් එකිනෙකට සමාන වේ. සියලු අවාසනාවන්ත පවුල් ඒවාට ම විශේෂ වු අවාසනාවන්ත භාවයකින් යුක්තය.” 

(කේ.ජයතිලක, ‘ලියෝ තෝල්ස්තෝයි හා ඇනා කැරනිනා’, නවකතාව හා සමාජය.)

ආරම්භක ජේදයෙහි දැක්වෙන වාසනාවන්ත හා අවාසනාවන්ත පවුල් පිළිබඳ වැකියට අනුව සහ ඔබ්ලොන්ස්කිගේ නිවසෙහි ස්වභාවය අනුව මෙයින් කියවෙන අවාසනාවන්ත පවුල නම් ඔබ්ලොන්ස්කි පවුල විය යුතු යැයි පාඨකයා සිතයි. නමුත් එම අදහස නවකථාව මධ්‍යයෙහි දී වෙනස් වෙයි.එසේ ම ඔබ්ලොන්ස්කිගේ නිවස සහමුලින් අවුල් වීමට හේතුව දැනගැනීමට ද ඔහු නොතිත් වෙයි. මෙය පාඨක කුතුහලය රඳවා තබා ගැන්මට කතුවරයා භාවිත කරන රමණීය ප්‍රයෝගයක්.
ඉතින් ඇනා හෝ ඔබ්ලොන්ස්කි තවමත් නොදන්නා ඔබසුන්දර ගැහැනියක ගේ  ජීවිතයේ ඛේදාන්තය  කලා කෘතියක් බවට පත් වී තිබෙන අයුරු අනිවාර්යයෙන් ම විඳිය යුතුමයි .මේ පොත් වසන්තයේ හොයාගෙන කියවන්න.

-ඉරේෂා-

The post කියවන්න පොතක්- සෙංකොට්ටං appeared first on SmartLady.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here