කින්ග් ඛාන් සහ Sabyasachi ගේ MET Gala සම්ප්‍රාප්තිය!

0
3


සටහන – පුලී
මැයි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ලෝකයේ නමගිය පුද්ගලයකුගේ ගෝලීය වේදිකාවක පුනරාගමනය මෙවර සනිටුහන් වීමට නියමිතය. ඔව්, අපි කතා කරන්නේ 2025 MET Gala හිදී ෂාරුක් ඛාන් සහ සබියාසාචිගේ සම්ප්‍රාප්තිය ගැනයි. අද කින්ග් ඛාන් ගේ කළමනාකරු වන පූජා ඩඩ්ලානි විසින් මේ පිළිබඳ බොහෝ අනුමානයන් තහවුරු කළාය. සබියාසාචිගේ බෙංගාල ටයිගර් ලාංඡනය සමඟ ‘KING KHAN’ ගේ සම්ප්‍රාප්තිය පිළිබඳ වැඩිදුරටත් පැවසීය.

මෙය SRK ගේ MET Gala මංගල දර්ශනය සනිටුහන් කරන බැවින් අප සියල්ලන්ම උද්යෝගිමත් වී සිටීම නම් අරුමයක් නොවනු ඇත.
මීට පෙර, ෆිල්ම් ෆෙයාර් වාර්තා කළ පරිදි මෙම වසරේ MET Gala හි ඉන්දියාවේ සහභාගීත්වය සඳහා ෂාරුක් ඛාන්, දිල්ජිත් දොසන්ජ්, කියාරා අද්වානි සහ ඊෂා අම්බානි ඇතුළු පිරිසක් සහභාගී වන බවයි. නමුත් ඉෂා සහ දිල්ජිත්ගේ සහභාගීත්වය තවමත් සකස් වෙමින් පවතින බවත් ආරංචි මාර්ග පවසයි.

ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ, ශාරුක් ඛාන් Gala උත්සවය සඳහා නිව්යෝර්ක් වෙත ළඟා වූ අතර ගුවන් තොටුපළේදී රසිකයන් කිහිප දෙනෙකු සමඟ කතාබහක ද නිරතවීය.

මේ අතර, SRK පළමු වරට GALA සඳහා සහභාගී වන බවට කටකතා ආරම්භ වූයේ Diet Sabya විසින් “කළ නොහැකි දේ දැන් සිදු විය! ඔවුන්ගේ ශිල්පයේ දැවැන්තයන් දෙදෙනෙකු වන ශ්‍රේෂ්ඨතම බොලිවුඩ් සුපිරි තරුව සහ අපේ පරම්පරාවේ විශාලතම නිර්මාණකරු ඔවුන්ගේ 2025 MET gala මංගල දර්ශනය සඳහා එක්වෙයි යනුවෙන් සටහනක් පළ කිරීමෙන් පසුවය.
ඒ SRK සහ Sabyasachi බව ජනතාව ඉක්මනින් අනුමාන කළහ.
පසුව, Diet Sabya එය සනාථ කරමින් තවත් සටහනක් පළ කර තිබුණි.
ඉතින් MET Gala 2025 බොලිවුඩයේ කින්ග් ඛාන් සමඟින් ගින්දරමය අත්දැකීමක් දායාද කරනු ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here