Diet කරන ඔබට එය නොකඩවා කරගෙන යාම විටෙක තරමක් අපහසු වෙනවා ඇති. ඒ වගේම ඒ වෙනුවෙන් වෙනමම ආහාර වර්ග සකස් කිරීමට ඔබේ කාලය යොදවන්න හැමදාම හැකියාවක් නොලැබෙනවාත් ඇති.කොයි තරම් කාර්‍යබහුල උනත් ඔබේ ඩයට් එක නොකඩවා කරගෙන යන්න ලේසි ක්‍රමයක් අපි ඔබට කියන්නයි සූදානම් වෙන්නේ. මේකට කියන්නේ half plate diet කියලා.දැනමටත් විදෙස් රටවල් වල මේක තරමක් ජනප්‍රිය ක්‍රමයක්.මෙමගින් ඔබට ඔබේ ශරීයට වඩාත් හොඳ පෝෂණයක් ලබා ගැනීමට වගේම ඉක්මනින් බර අඩු කරගන්නත් හැකියාව ලැබෙනවා
ඩයට් කරන ඔබට මෙම half plate diet ක්‍රමය ඉතාම පහසු ක්‍රමයක්.කාර්‍යාලයේදි උනත් මේ ක්‍රමය අනුගමනය කරන්න පුලුවන් නිසා ඔබට බර අඩු කරගැනීම දැන් එතරම් අපහසු වන්නේ නෑ.විවිධ එළවලු පලතුරු එකතු කරගැනීමෙන් ඔබේ ආහාර පිඟානට ආකර්ශනීය බවක් වගේම විවිධත්වයක් එකතු වෙන නිසා දිනපතා එලවලු පලතුරු පමණක් ආහාරයට ගන්න එක ඔබට ගැටලුවක් වන එකක් නෑ.
Saru FM Media