කැවුම් සඳහා විශාල ඉල්ලුමක්

0
14


අලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් කැවුම් සඳහා විශෘල ඉල්ලුමක් පවතින බව හැටන් ප්‍රදේශයේ කැවුම් නිශ්පාදකයන් කියා සිටිනවා.

කැවුම් පිසීම සඳහා භාවිතා කරනු ලබන ඇතැම් අමුද්‍රව්‍ය වල මිල ඉහළයාම හමුවේ වූවද කොන්ඩ කැවුමක් රු.50/=, අතිරස රු.50/=, මුංකැවුම් රු.35/=, කොකිස් 25/=, අලුවා රු.35/=, ආස්මි රු.130/=, පැණි වලල්ක් රු.50/= කට අලෙවි කරන බවයි හැටන් ප්‍රදේශයේ කැවුම් නිශ්පාදකයන් කියා සිටින්නේ.

එම මිල හමුවේ සිංහල සහ දමිළ ජනතාවගෙන් කැවුම් සඳහා විශාල ඉල්ලුමක් පවතින බවයි එම වෙළෙඳුන් කියා සිටින්නේ.

තමන්ගෙන් කැවුම් තොග වශයෙන් ලබා ගන්නා ඇතැම් ව්‍යාපාරිකයන් විශාල ලාභයක් ලබා ගැනීමේ අරමුණින් වැඩි මිලට අලෙවි කරන බවයි එම වෙළෙඳුන් තවදුරටත් කියා සිටින්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here