කැල්සියම් එක්ක සෙල්ලම් කිරීම හෙවත් මුදල් දී ලෙඩ සාදා ගැනීම

0
11


කැල්සියම් කියන්නේ සිරුරට අත්‍යවශ්‍යම පෝෂ්‍ය පදාර්ථයක්. කැල්සියම් ඌනතාවය නිසා ලෙඩ රෝග රැසක් හට ගන්නවා. ඒ නිසා කැල්සියම් ජනප්‍රිය වෙළඳ භාන්ඩයක්ද වෙලා තියෙනවා. කිරිපිටි වෙළෙන්දන් තම නිෂ්පාදන අලෙවිකරගැනීම සඳහා ඉදිරියට දාන්නේ කැල්සියම් වලින් පරිපුර්ණයි කියන එක තමා. සමහරු කිරිපිටි ආදී දෑ අලෙවිකරගැනීම සඳහා නොමිලේ ජනතාවගේ කැල්සියම් ප්‍රතිශතය ගණනය කිරීමටද පෙළඹෙනවා. මාත් එවැනි අත්දැකීම් වලට මුහුණ දී තිබෙනවා.

කොහොම වෙතත් මේ කැල්සියම් සහිත කිරිපිටි සහ වෙනත් පරිපූරක ගන්න බොහෝ දෙනා පුරුදු වී සිටිනවා. තමන්ට කැල්සියම් ඌනථාවයක් නොතිබුනත් බොහෝ අය එයට හුරුවී සිටින්නේ වෙළඳ මාෆියාවක් නිසා බව බොහෝ අය දන්නේ නැහැ. නමුත් වෛද්‍ය උපදෙස් වලින් තොරව මෙසේ කැල්සියම් පරිපූරක භාවිතා කිරීම නිසා ඩිමෙන්ශියා රෝගයට ගොදුරු වීමේ අවදානමක් පවතින බව නවතම අධ්‍යන පෙන්වා දෙනවා. ඩිමෙන්ශියාව කියන්නේ බොහෝ විට වයස්ගත අවධියේදී වැළඳෙන මතකය අඩු වී යෑමට අදාළ ආබාධයක්.

මේ අධ්‍යනය කලේ ස්වීඩනයේ ගුතන්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්. මේ අධ්‍යනය සඳහා ඔවුන් ඔවුන් ඩිමෙන්ශියාවට ගොදුරු වී නොසිටි වයස්ගත කතුන් හත්සියයක්. මේ අයගෙන් කොටසකට කැල්සියම් පරිපූරක ආහාර ලබා දුන් අතර අනෙක් අයට එසේ කැල්සියම් පරිපූරක ආහාර ලබා දුන්නේ නැහැ. අවුරුදු පහක් තිස්සේ කල නිරීක්ෂණයේදී පෙනී ගිය කරුණක් වුණේ කැල්සියම් පරිපූරක ලබාදුන් අය එසේ නොවූ අය මෙන් දෙගුණයකින් ඩිමෙන්ශියාවට ගොදුරු වී තිබුන බවයි

ඉතින් සල්ලි දීලා ලෙඩ හදා ගන්නවා කියන්නේ ඔන්න ඕවට තමයි. කොහොමත් ඔබ දැනුවත් වෙන තරමට වෙළෙන්දන්ට ඔබව නොමග යැවීම අපහසුයි. ස්මාර්ට් ලේඩි කෙනෙක් කියන්නේ අන්න එහෙම කෙනෙක්. එහෙම නේද ?

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here