දුම්රිය පීලිපැනීමක් නිසා කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට ද බාධා එල්ල වී තිබේ. උඩරට මාර්ගයේ ද දුම්රියක් අද (19) පස්වරුවේ පීලිපැන තිබිණි .
අද (19) කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක්, කොස්ගම හා අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර මෙලෙස පීලිපැනීමට ලක්ව තිබේ . ඒ ප.ව. 6.45ට පමණය .
මේ වනවිට පවතින අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී හා පස් කණ්ඩියක් ද කඩාවැටී එම දුම්රියේ එක් රෝදයක් පමණක් පීලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොස්ගම දක්වා පමණක් සීමා කිරීමට කටයුතුකර ඇති බව වාර්තා වේ.
Saru FM Media