කැලණිවැලි මාර්ගයේ සිදුවූ දුම්රිය පීලි පැනීම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (19) පස්වරුවේ කොස්ගම හා අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමකට ලක්වූ අතර ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල විය.
මේ වන විට එම දුම්රිය පීලිගත කිරීමේ කටයුතු අවසන් කර එම මාර්ගයේ ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදී සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Saru FM Media