කැරලි කොණ්ඩයට නිවැරැදි ව සත්කාර කරන්නෙ මෙහෙමයි

0
11


සාමාන්‍යයෙන් සිදු කරන්නේ මුලින් ෂැම්පු යොදා පසුව කන්ඩිෂනර් කිරීමයි. ඒත් ඔබේ කොණ්ඩය කැරලි සහිත නම් කන්ඩිෂනර් පමණක් යොදන්න. ඔබට තිබෙන්නේ වියලි පහසුවෙන් අවුල් වන කෙස් කළඹක් නම් ඔබ නිරන්තරයෙන් ෂැම්පු භාවිතා කරද්දී ඔබේ හිසකෙස් තවත් වියළීමට ලක්වෙනවා. එයට හේතුව ෂැම්පු මඟින් ඔබේ හිසේ ඇති ස්වභාවික තෙල් සෝදා හැරීමයි. එවිට කොණ්ඩය ගැට ගැසීමට පටන් ගන්නවා. ඒ නිසා ෂැම්පු වෙනුවට කන්ඩිෂනර් පමණක් යොදා හිස සෝදන්න. ඔබේ කැරලි සහිත කොණ්ඩය ඒ ආකාරයටම ඔබට තබා ගන්නට පුළුවන්.

හොඳම ක්‍රමය කොණ්ඩය හොඳින් වේලා ගෙන ඊට පසු පීරා ගැනීම. කොණ්ඩය තෙත තියෙද්දී පිරීමේදී සිදුවන අවාසියක් තමයි කොණ්ඩය කැඩීයාම. අනිත් කාරණය කැරලි කොණ්ඩය තෙත සහිතව පීරුවාම කැරලි සහිත බව නැතිවී යාම. ඒ නිසා තෙත පිටින් කොණ්ඩය පිරන්න එපා.

ඔබේ කොණ්ඩය කැරලි සහිත නම් කොණ්ඩය පීරිම අඩු කරන්න. ඒ වෙනුවට කොණ්ඩය කැරලි වන සේ අතින් හදන්න. කොණ්ඩය කොටස් වලට බෙදාගෙන කොටසින් කොටසට මෙය කරන්න. අවශ්‍ය නම් leave on conditioner එකක් භාවිත කරන්න.

නෑමෙන් පසුව කොණ්ඩයේ තෙත මාත්තු කිරීම සඳහා ඔබේ තුවාය වෙනුවට කපු රෙද්දෙන් නිමවූ ටී ෂර්ට් එකක් යොදාගන්න. තුවාය ඔබේ හිසකෙස් අවුල් කරත් ටී ෂර්ට් එකෙන් එහෙම වෙන්නේ නෑ.

ඔබේ පනාවේ දැති ඈතින් ඇති තරමට ඔබේ කොණ්ඩයේ කැරලි ගතිය ආරක්ෂා වෙනවා. සිහින් දැති පනාවකින් පීරද්දී කැරලි ගතිය අඩු වෙන්න පුලුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here