රෂිකා හෙන්නායක මාර්තු 30, කොළඹ LNW :
2015 ජනාධිපතිවරණ සමයේ රජයේ මුදල් අවභාවිත කරමින් කැරම් සහ දාම් පුවරු බෙදාහැරීමේ චෝදනාවට අදාළ නඩුවට අනුව, මෙහි ප්‍රධාන විත්තිකරුවන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
මීට පෙර අල්ලස් පනත යටතේ දඬුවම් නියම වී ඇති බැවින් මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බව විත්ති පාර්ශවය තර්ක කළද, නව චෝදනා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ගොනු කර ඇති බැවින් ඒවා එකිනෙකට වෙනස් බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
මේ අතර, මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි නිදහස් කිරීමට ද අධිකරණය පියවර ගෙන ඇත.
ඒ අනුව, රුපියල් මිලියන 39ක රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධ මෙම නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට අධිකරණය අවසර ලබා දී ඇත.


The post කැරම් බෝඩ් දූෂණ නඩුව සහ මහාධිකරණ තීන්දුව…. appeared first on LNW Sinhala.
Saru News
















