කැබිනට් අනුමැතිය ලැබුණු වහාම RDA අධ්‍යක්‍ෂ තනතුරුවලට පත්වීම් දෙනවා – ප්‍රවාහන නි. ඇමැති

0
9

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු වහාම මාර්ග සංවර්ධන අධිකාරියේ පුරප්පාඩුව තිබෙන අධ්‍යක්ෂ තනතුරුවලට පත්වීම් ලබා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවසීය.

පුරප්පාඩු වී ඇති පළාත් භාර අධ්‍යක්ෂ තනතුරු 5 ක් සහ අධ්‍යක්ෂ තනතුරු 35 ක් අතරින් මාර්ග සංවර්ධන අධිකාරියට ස්ථිර පළාත් භාර අධ්‍යක්ෂවරුන් 5 ක් සහ අධ්‍යක්ෂවරුන් 28 ක් පත් කර ගැනීම සඳහා පසුගිය සමයේ අදියරෙන් අදියර සම්මුඛ පරීක්ෂණ පැවැත් වූ බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂන් මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here