රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඉදිරිපත් කළ බව වලපනේ පොලිසියේ නිලධාරියෙකු පවසනවා.
රාගල උඩුවාමාදුර ඥාති නිවසකට පැමිණි පිරිසක් ආපසු සියඹලාණ්ඩුව දක්වා ගමන් කිරිමේදී වලපනේ නිල්දණ්ඩාහින්න අඹන්වැල්ල ප්‍රදේශයේදී කැබ් රථය මාර්ගය හරහා පෙරලී මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ධාවනය වෙමින් තිබූ කැබ් රථයේ හදිසියේ තිරිංග ක්‍රියාත්මක වීම නිසා කැබ් රථය නතර කර ගැනීමට නොහැකි වූ රියදුරා කැබ් රථය ප්‍රධාන මාර්ගය අභියස පිහිටි කන්දක ගැටීමට සලස්වා ඇති අතර, එම අවස්ථාවේ කැබ් රථය කන්දේ ගැටී ප්‍රධාන මාර්ගය හරහා පෙරළී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය සඳහන් කළා.
අනතුර පිළිබඳ වලපනේ තිරිපැහැ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.
Saru FM Media