2024 වසරේදී කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ පිහි ඇනුමකින් ශ්‍රී ලාංකික මවක්, ඇගේ දරුවන් හතර දෙනා සහ පවුලේ මිතුරෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් ලාංකික තරුණායට ජීවිතාත්නය දක්වා සිර දඬුවම් පැනවීමට එරට අධිකරණයක් නියෝග කර ඇත.
අදාළ නියෝගය ප්‍රකාශ කරමින් අධිකරණය දැනුම් දී ඇත්තේ සැකකරුට දඬුවම ලිහිල්කරගැනීමක් සඳහා වුවද වසර 25ක් අනිවාර්ය සිර දඬුවම් විඳිය යුතු වන බවය.
මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ ෆෙබ්‍රියෝ ඩි-සොයිසා නම් ලාංකේය තරුණයෙකුට වන අතර ඔහු කැනඩාවේ අධ්‍යාපනය ලබමින් සිටි ඔහු මෙම අපරාධය සිදුකරන විට වයස අවුරුදු 19කි.
ඒ අනුව ෆෙබ්‍රියෝ පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හතරක්ල දෙවන මට්ටමේ මිනීමැරුම් චෝදනා දෙකක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුව තිබේ.
මෙම ඝාතනයෙන් එකම පවුලේ මව වූ දර්ශනී ඒකනායක (35), ඉනූක වික්‍රමසිංහ (07), අශ්විනී වික්‍රමසිංහ (04), රින්යානා වික්‍රමසිංහ (02), කෙලී වික්‍රමසිංහ (02), යන අයද එම නිවසේ සිටි ගාමිණී අමරකෝන් (40) නම් අයෙක්ද ඝාතනය වූ අතරල දරුවන්ගේ පියා බරපතළ තුවාල ලැබීය.
Saru FM Media









