කැනඩාවට 100%ක තීරුබදු පනවන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

0
9

චීනය සමග වෙළෙඳ ගිවිසුමක් අනුගමනය කළහොත් කැනඩාවට 100%ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

සිය Truth Social හී සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ගිවිසුම සම්බන්ධව සඳහන් කර ඇත්තේ එම ගිවිසුමෙන් තම රටට අනතුරක් විය හැකි බවය.

චීනය විසින් කැනඩාව පණපිටින් අනුභව කරනු ඇති බවත් ඔවුන්ගේ ව්‍යාපාර, සමාජ ව්‍යූහය සහ සාමාන්‍ය ජිවන රටාව විනාශ කරනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා කැනඩාවට අනතුරු අඟවා තිබේ.

ඒ අනුව යම් හෙයකින් චීනය සමග කැනඩාව වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන්නේ නම් එක්සත් ජනපදයට පැමිණෙන සියලුම කැනේඩියානු භාණ්ඩ හා නිෂ්පාදන සඳහා 100%ක තීරුබදු පැනවීමට සිදුවනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් පෙන්වා දී තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here