පානදුර උතුර පොලිස් වසමෙ හොරෙයි තුඩුව ප්‍රදේශයේ දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය කැටපොළක් වටලා පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
පානදුර උතුර පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත ස්ථානාධිපති w.a.t CI සරත්චන්ද්‍ර මහතා, ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර ඇත්තේ.
එහිදී පිටියේ මුදල් රුපියල් 19,000ක්, ලක්ෂ 15කට ආසන්න රත්‍රන් බඩු සහ පුද්ගලයින් 8දෙනා සතුව තිබු රුපියල් 25000ක පෞද්ගලික මුදල් ද අත්අඩංගුවට ගත් බවයි පානදුර උතුර පොලිසිය සඳහන් කර සිටියේ.
අත්අඩංගුවට ගත් 8දෙනා සහ පිටියේ මුදල් රුපියල් 19,000ක් , ලක්ෂ 15කට ආසන්න රත්‍රන් බඩු තොගය හෙට පානදුර මහේස්ස්රත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩි දුරටත් පැවසුවේ.
අත්අඩංගුවට ගත් 8දෙනා සතුව තිබු 25000ක පෞද්ගලික මුදල් w.a.t CI සරත්චන්ද්‍ර මහතා විසින් නැවත අදාල පුද්ගලයන් වෙත ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.
Saru FM Media