කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

0
1

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13වැනි දිග හැරුම අරඹමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග තව සුළු මොහොතකින් ඉන්දියාවේ ගුවහාති හීදි ආරම්භ වීමට නියමිතය.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.  

අදින් ඇරඹෙන ලෝක කුසලාන තරගාවලිය නොවැම්බර් මස 2වැනිදා දක්වා පැවැත්වෙයි.

මෙවර තරගාවලියේදී කණ්ඩායම් 8ක් තරග වැදීමට නියමිතය.

ඉන්දියාවේ ක්‍රීඩාංගණ 4කදී සහ ශ්‍රී ලංකාවේදී එක් ක්‍රීඩාංගණයකදී තරගාවලියේ තරග ක්‍රියාත්මක වෙයි.

ලීග් ක්‍රමයට පැවැත්වෙන ලෝක කුසලාන මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 7කට මුහුණදීමට නියමිතය.

මෙවර තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන තරග 7න් 5ක් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරග දෙකක් ඉන්දියාවේදී පැවැත්වෙයි.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here