කාශ්මීර ප්‍රහාරයෙන් ඉන්දියාවේ ආරක්ෂාව දැඩි වෙයි

0
7


ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසු ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. 

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි දිල්ලි අගනුවර ආරක්ෂාව දැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සිය සෞදි අරාබියානු සංචාරය හදිසියේ නිම කර දැන් ඉන්දියාවට පැමිණ සිටිනවා. 

මීට අමතරව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතා රාමන් ද සිය අමෙරිකානු සංචාරය හදිසියේ නිම කර ඉන්දියාවට පැමිණ ඇතැයි සඳහන්.

ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. 

කාශ්මීරයේ ජනප්‍රිය සුන්දර ප්‍රදේශයක් වන “ඉන්දියාවේ ස්විට්සර්ලන්තය” ලෙස විරුදාවලිය ලත් හිමාල කඳුවැටියේ පිහිටි සුන්දර නගරයක් වන පහල්ගම්හීදී මෙම ප්‍රහාරය සිදුව තිබෙනවා. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ යුරෝපා සංගම් ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලේයන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මෙම ප්‍රහාරයට විරෝධය පළ කරමින් කාශ්මීරයේ විරෝධතා ද ආරම්භ වී ඇති අතර පාසැල් සහ කඩ සාප්පු වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here