කාලෝස් අල්කරාස් හය වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා ගනී

0
6

මෙවර අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් සමත්ව තිබේ.

ඒ අවසන් මහා තරගයේදී ඉතාලියේ ජැනික් සිනර් තරග වට 3ට 1ක් ලෙස පරාජයට පත් කරමිනි.

මෙම තරගයේ පළමු වටය ලකුණු 6ට 2ක් ලෙස අල්කරාස් ජයගත්ත ද දෙවැනි වටය ලකුණු 6ට 3ක් ලෙස සිනර් ජය ගත්තේය.

කෙසේ වෙතත් තීරණාත්මක තෙවැනි සහ සිව්වැනි තරග වට ලකුණු 6ට 1ක් සහ 6ට 4ක් ලෙසින් ජයගත් කාලෝස් අල්කරාස්ට මෙවර අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව හිමි වුණා. 

ඒ අනුව මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක්වුණේ කාලෝස් අල්කරාස් හිමි කර ගත් 6 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව ලෙසය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here