පුද්ගලයන් ව්‍යායාම කිරීම තෝරා ගන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවය මතයි. සමහරුන් ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා ව්‍යායාම කරන අතර තවත් සමහර ශරීරයේ නිරෝගී බව පවත්වා ගෙන යාම සහ ක්‍රියාශීලී බව පවත්වාගෙන යාම සඳහා දිනපතා ව්‍යායාම කරනවා. ඒ කෙසේ වෙතත් ව්‍යායාම කිරීම සඳහා ජිම් එකකට යන බොහෝ දෙනාට වැදගත් වෙන කාරණාවක් ගැනයි මේ ලිපියෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ.
ඔබ ව්‍යායාම සඳහා ජිම් එකකට යනවනම් අනිවාර්යයෙන්ම ඔබේ කෑම බීම ගැන සැලකිලිමත් වෙනවා ඇති. නමුත් ඔබ ජිම් එකට යාමට කලින් ආහාර ගන්නවද ? එහෙම නැත්නම් ජිම් එකට ගිහින් ආවට පස්සේ ආහාර ගන්නවද ? ඒ ගැන ඔබට හරි හැටි අවබෝධයක් ලබා දෙන්නයි මේ සූදානම.
සාමාන්‍යයෙන් වාහනයක් ධාවනය කිරීම සඳහා ඉන්ධන අවශ්‍ය වන බව ඔබ දන්නවා.ඒ වගේමයි ඔබේ ශරීරයත්. ඔබේ ශරීරය කුමන ක්‍රියාකාරකමක යෙදුණත් ඒ සඳහා යම් ශක්තියක් වැය වෙනවා. මේ ශක්තිය ඔබේ සිරුර විසින්ම නිපදවා ගන්නට ඕනේ. ඒ නිසා ව්‍යායාම කරන්න කලින් , ඒ කියන්නේ ජිම් එකට යන්න කලින් ඔබේ ශරීරයට ඉන්ධන ස්වරූපයෙන් ආහාර උවමනා වෙනවා. නමුත් මේ ආහාර ගැනීම ඉතාම සැලකිල්ලෙන් කල යුතුයි. ව්‍යායාම කිරීමට පෙර අධික ලෙස ආහාර ගැනීම ඒ තරම් සෞඛ්‍ය සම්පන්න නැහැ. එහෙනම් ඔබ ආහාර ගන්න ඕනි සුළු වශයෙන් ද ? නැහැ. සුළු වශයෙන් ආහාර ගත් විට ඔබේ ශරීරය අපට ව්‍යායාම කිරීමට අවශ්‍ය තරම් ශක්තිය නිපදවන්නේ නැති නිසා ඔබට උදාසීන බවක් දැනෙනවා.
කොහොම වුණත් ඔබ ප්‍රධාන ආහාර වේලක් , එහෙමත් නැත්නම් සමබර ආහාර වේලක් ලබා ගත යුතු වන්නේ ව්‍යායාම කිරීමට පැය තුන හතරකට පෙරයි. ඒ වගේම ව්‍යායාම කිරීමට පැය 1 – 3 අතර කාලයකදී දිරවීමට පහසු ඉතාම කෙටි ආහාරයක් ඔබ ගන්නට ඕනේ.
සාමාන්‍යයෙන් ජිම් එකකට ගියාට පස්සේ ටිකක් වැඩිපුර ව්‍යායාම කෙරෙනවා. ඒ සඳහා වැඩිපුර ශක්තියකුත් වැය වෙනවා.විශේෂයෙන්ම ව්‍යායාම අතරතුර ඔබේ මාංශ පේශීන් ඉතා ක්‍රියාකාරී වනවා. ඒවා යථා තත්ත්වයට පත් වීමට සහ වේදනාවක් දැනීම වැලැක්වීමට සහය වීම සඳහා ව්‍යායාමයෙන් විනාඩි පහළොවකට පමණ පසුව ප්‍රෝටීන් සහිත කෙටි ආහාරයක් ඔබ අනුභව කරන්නට ඕනේ. ඒ වගේම ව්‍යායාම කරන කාලය තුළ වැයවන ශක්තිය ඔබ ඔබේ ශරීරයට නැවත ලබා ගන්නත් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඔබ ක්‍රියාකාරී වන මට්ටම අනුව ඔබට අවශ්‍ය වන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි වෙනවා. ඒවා ලබා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ඔබට පරිභෝජනය කරන්නට පුළුවන්. එවැනි ආහාර අතර ,
වැනි ඒවා අඩංගු වනවා. මේවා ආහාරයට නොගත්තත් ව්‍යායාම කිරීමෙන් අවම වශයෙන් පැයකට පසුව වත් ආහාර වේලක් ලබාගත යුතුයි. එමගින් ඔබ වැය කළ ශක්තිය ඔබට නැවත ලබා ගත හැකි වෙනවා.
මේ කරුණු සලකා බලන විට ව්‍යායාම කිරීමට පෙර වගේම පසුවත් ආහාර ගන්නට අවශ්‍ය වනවා. ආහාර වලින් පසුව වගේම සපූර්ණ දවස පුරාමත් ඉතා හොඳින් ජලය පානය කරන්නත් අමතක කරන්න එපා.
Saru FM Media