කාලයක් හාල් තිබ්බෙ නෑ! තව කාලයක් පොල් තිබ්බේ නෑ! තවත් කාලයක් බිත්තරත් නෑ! දැන් ලුණුත් නෑ! ඒ මදිවාට වාහනවලට දෙන්න අංක තහඩුත් නෑ! වාහන අංකෙ බෝඩ් එකක අතින් ලියලා ගහගෙන යන්නලු! I Sri Lanka Latest News

0
4


නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News

එම දෙපාර්තමේන්තුව පවසන්නේ අංක තහඩු වල හිඟතාවයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 28වනදා සිට මෙය තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

ඒ අනුව ලියාපදිංචි චැසි අංක දරණ මෝටර් වාහන සඳහා අංක තහඩු සහ ස්ටිකර් නිකුත් නොකරන බව සඳහන්ය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ මහතා පවසා සිටියේ, නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත් කිරීම සිදු නොකළද, ඔවුන්ට අදාළ වාහන අංකය ලබාදීමට පියවර ගන්නා බවය.

ඒ අනුව මෝටර් රථ හිමිකරුවන්ට එම අංකය පිටපත් කර, වාහනයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පවතින බව කමල් අමරසිංහ මහතා පැවසීය.

එමෙන්ම මේ පිළිබඳ පොලීසියද දැනුම්වත් කිරිමට පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here