සටහන – රුවන් නෙළුගොල්ල
අද (මාර්තු 07) දිනයේදී දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
එමෙන්ම අද දිනය සඳහා වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
සබරගමුව පළාතේත් කොළඹ, ගම්පහ, කුරුණෑගල, අනුරාධපුර, වව්නියාව, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමුකළ යුතු” මට්ටමක පැවතිය හැකි බවයි එම නිවේදනයෙන් දැක්වෙන්නේ.



The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් ! appeared first on LNW Sinhala.
Saru News
















