කාර් එකක් රත්මල් ඔයට පෙරළී පිරිමියෙක් හා කාන්තාවක් මියයති – කාර් එක තිබුණේ උඩබැලි අතට

0
1

දෙදෙනා ගොඩ ගැනීමට ගිය සුදිල බාලසූරිය කියයි

පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගමන් කරමින් සිටි මෝටර් රථයක් කොස්වත්ත පොලිස් වසමට අයත් නාරවිල බාඳුරාව ප්‍රදේශයේ දී රත්මල් ඔයට පෙරළීමෙන් එම දෙදෙනා සිද්ධිය වූ ස්ථානයේ දීම මිය ගොස් ඇති බව හලාවත කොස්වත්ත පොලිසිය සඳහන් කරයි.

ඊයේ (26 දා) පෙරවරු 8.30ට පමණ මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ දුන්කන්නාව මානිංගල ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයකු හා දුන්කන්නාව බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංච සිටි 41 හැවිරිදි කාන්තාවකි. මියගිය දෙදෙනා ගමන්ගත් මෝටර් රථය බාදුරාව ප්‍රධාන මාර්ගයෙන් රත්මල් ඔය පාලම අසලින් ඇති අතුරු මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටිය දී මෝටර් රථය මාර්ගය අසල වළකට වැටී එක වර අසල තිබූ රත්මල් ඔයට උඩුකුරුව පෙරළී ගොස් ඇති බව පොලිසිය කියයි. එම අවස්ථාවේ සුළු වර්ෂාවක් පැවැති බවත් මඩ සහිත මාර්ගයේ මෝටර් රථය ලිස්සා ගොස් වළට වැටී අනතුර සිදු වන්නට ඇති බවත් පොලිසිය කියයි.

මෝටර් රථය ඔයට පෙරළී යෑමෙන් පසු වනාඩි 15කට පමණ පසු ගම්වාසින් දැක එයට පැන දෙදෙනා දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩට ගෙන ඇත. මුත් ඒ වන විටත් දෙදෙනාම මිය ගොස් සිට තිබේ.

මියගිය කාන්තාව දෙදෙරු මවක් වන අතර ඇයගේ සැමියා විදෙස් ගතව සේවය කරයි. පිරිමි පුද්ගලයා ඇය හා සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව ද පොලිසිය කියයි. මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මාරවිල මූලික රෝහලට රැගෙන ගොස් ඇත. එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි. කොස්වත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සනත් වර්ණකුලසුරිය මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිල්වා මහතා ඇතුළු නිලධාරීහු ඉදිරි විමර්ශන සිදු කරති. අනතුර සිදුවීමෙන් පසු ඔයට බැස එම අය බේරා ගැනීමට උත්සාහ කළ සුදිල බාලසූරිය මහතා මෙසේ කීවේය. අපි ඉක්මනට එම

ස්ථානයට ගියා. යද්දි කාර් එක වතුරෙ තිබුණේ. එක රෝදයක් පෙනෙන්න උඩු අතට වාහනය වතුරට පෙරළිලා තිබුණා. ඊට පස්සේ මමයි මගේ තව යාළුවකුයි ඔයට බැස්සා. අපි කොහොම හරි අමාරුවෙන් ඒ දෙන්නා ගොඩට ගත්තා. ඒ වෙලාවෙත් දෙන්නා මිය ගිහිල්ලා හිටියේ.
අමරනන්ද විජේසේකර – මහවැව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here