කොළඹ නගරයේ තිරසාර වෙනසක් ඇති වන්නේ එහි කාන්තාවන්ගේ සුවබවෙන් බව නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.
කාන්තාවන්ට ගෞරවය දැක්වීමේත් ඔවුන්ගේ සුවබව වැඩිදියුණු කිරීමේත් අරමුණින්, කොළඹ මහනගර සභාව විසින් කොළඹ කාන්තාවන් සඳහා විශේෂ උපදේශන සේවාවක් ලෙස “සිත් සුව පුරවර” නම් වැඩසටහන ආරම්භ කර තිබේ
‘සිත් සුව පුරවර’ නමින් ආරම්භ වන මෙම වැඩසටහන ආරක්ෂිත අවකාශයක්, සවන් දෙන හදවතක්, සහ අපගේ නගරය එහි දියණියන්ට, මව්වරුන්ට සහ සහෝදරියන්ට කරන පොරොන්දුවක් බව නගරාධිපතිනිය සඳහන් කරන්නීය.
Saru News
















